Thursday, July 1, 2010

ඔන්න .xxx (වෙබ් අඩවි) top-level domain සඳහා මූලික එකඟතාවයකට ඇවිත්!

අන්තර්ජාලයට අදාල තාක්ෂණය ගැන නිතර ඇහැගහගෙන ඉන්න අය .xxx top-level domain ගැන දැනගෙන ඉන්න එක අවශ්‍යයි. Top-level domain කියන්නේ .com .net .org වගේ ඒවාටයි. අන්තර්ජාලයේ ඇති ලිංගික/කාමුක වෙබ් අඩවි එක එක top-level domain වලින් ඇති බව ඔබ දන්නවා.  ඉතිං අනිත් සෑම සාමාන්‍ය වෙබ් අඩවියක් වගේම ලිංගික/කාමුක වෙබ් අඩවිද .com .org .net වැනි top-level domain භාවිතා කරන එක ලොකු හිසරදයක්.
උදාහරණයක් ලෙස එය හරියට පොදු බස්රථයක සාමාන්‍ය මගීන් සමග පැපොල රෝගියෙක් ගමන් කරනවා වගේ දෙයක්. ළමයින් එවැනි වෙබ් අඩවි වලට අහම්බෙන් යෑමට ඇති සම්භාවිතාවය ඉතා අධිකයි. ඒ වගේම සමහර වෙලාවට තමන් බලන්න කැමති අඩවියක ලිපිනය වරදවා type කලවිටක මෙවැනි අඩවියකට යැවෙන එක අන්තර්ජාලය නිතර භාවිතා කරන අයට ලොකු ගැටළුවක්.


ආයතනවල Network System administrator වරුන් සහ අන්තර්ජාලසේවා සපයන්නන්ට මෙම අඩවි අවහිර කිරීමට හැකිනමුත් එය ඉතාමත් අසීරු කාර්යයකි. (නිතරම ඔලුව කසන්න සිදුවෙනවා) එසේ අවහිර කරනවිට සමහර අහිංසක වෙබ් අඩවිද අවහිරකිරීමට ගොදුරුවෙනවා.

එකගොඩේ මෙවැනි අඩවි තැබීමෙන් වෙන මෙවැනි කරදර වලක්වා ගැනීමට එවැනි අඩවි සඳහාම .xxx හඳුන්වා දීමට කාලයක සිට නොයෙකුත් අය වෙර දැරුවට මේ සඳහා නොයෙකුත් ගැටළු පැන නැගුනා. මෙය ලිංගික/කාමුක වෙබ් අඩවි සඳහා උඩගෙඩි දීමක් යැයි සමහරු හැඳින්වූවා. එත් මගේ අදහස මෙය ඉතාම හොඳ දෙයක් බවයි. මන්ද ලිංගික/කාමුක වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් ඒවා සියල්ලම .xxx යටතට හරවාදමා දැනට ඒවා භාවිතා කරන .com .org වැනි එවායින් ඉවත් වුවහොත් ඒක අන්තර්ජාලයට, ළමයින්ට සහ ලිංගික/කාමුක වෙබ් අඩවි පෙන්නන්න බැරි අයට ලොකු සහනයක් වෙනවා. එසේ වුවහොත් අන්තර්ජාලය වඩාත් පහසුවෙන් පිරිසිදු කර ළමයින් සඳහා ආරක්ෂිත තැනක් බවට පත්කරන්නට ඇති හැකියාව ඉහල යනවා. මතක තියාගන්න ලිංගික/කාමුක වෙබ් අඩවි නීත්‍යානුකූලයි!

ICAAN  ආයතනය තවම මේක සම්පූර්ණයෙන්ම අනුමත කර නැහැ. ඒත් එය ලඟදීම සිදුවෙන/වියයුතු දෙයක්. අන්තර්ජංජාලයේ ඇති ගැට ලෙහන්නන්ට මේක ලොකු උදව්වක් වෙනවා නිසැකයි.





මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

3 comments:

9XM said...

මම නම් කියන්නේ ත්‍රිබල් එක්ස් ගනයේ එව්වා .XXX ලෙසත් ඩබල් එක්ස් ගනයේ එව්වා .XX ලෙසත් තව දුරටත් වර්ග කරනවා නම් බොහෝ අයට තවත් ලේසිවෙයි....lol

Anonymous said...

කැමතියි අකමැතියි වගෙ......

budhajeewa said...

දැනට යම් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක්, තමන් කරපු SEO, ලබාගත්ත ජනප්‍රියත්වය ආදි සේරම අතෑරලාදාලා අලුත් ඩෝමේන් එකකට යයිද?

අලුත් අය යාවි කියලා කියන්න පුලුවං කොහොමද?

යම් ඩෝමේනයක් තෝරාගැනීමට බල කිරීමේ තාක්‍ෂණිකමය පහසුකම් නැහැ නේ!

ඕනෑ නම් pornographic වෙබ් අඩවි ලියාපදිංචි කරන රටකදී, එසේ ලියාපදිංචි වීමේ සුදුසුකමක් ලෙස මේක ඇතුලත් කරන්න පුලුවන්, ඒත් කීයෙන් කීදෙනාද ලියාපදිංචි වෙන්නේ?