Tuesday, June 29, 2010

කන පැලෙන්න වයින් බීලා Linux එක්ක ඕමි ගැසීමී!

Windows පාවිච්චි කරන අපේ රටේ අය සිංහලෙන් සැකසූ ඕමි පරිගණක කාඩ් ක්‍රීඩාව ගැන දන්නවා ඇති. ඒක ඕමි වලට ආස අයටනම් විනෝදාත්ම මෘදුකාංගයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දේශීය නිෂ්පාදනයක් වන ඒ ගැන මම මුලින්ම දැනගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන අතර මෙම ක්‍රීඩාව Linux සමග මම භාවිතා කරන ආකාරය ගැන ඔබව දැනුවත් කරමි.

මෙම ක්‍රීඩාව MS Windows මත ක්‍රියාත්මක වීමට සැකසූ එකකි. Linux සඳහාම සැකසූ එක ටික කාලයකින් නිකුත් කරනබව එය නිපදවූ සාලිය සහෝදරයා පවසනවා. ඒ නිසා දැනට එය Linux මත ක්‍රියාත්මක කිරීමටනම් wine නමැති මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුයි. ඉස්සෙල්ලාම ඒක කරමු!

ඔබ Fedora භාවිතා කරන්නේනම් මෙසේ කරන්න. ඔබ උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් distribution එකක් භාවිතා කරන්නේ නම් ඊට අදාල Package Manager එක භාවිතයෙන් මේ ආකාරයටම සිදු කරන්න. (මතක තියාගන්න Wine download කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යවේ) ලංකානෙට් ලිනක්ස් භාවිතා කරන්නන්ට Wine ඇත.

Wine ස්ථාපනය කරගැනීම පහත රූපය බලන්න

1. System -> Administration -> Add/Remove Software විවෘත කරගන්න

2. පහත රූපයේ ඇති ආකාරයට එහි වම්පස ඉහල අකුරු ඇතුලත් කිරීමට ඇති box එකේ wine කියා type කර එතන ඇති find button එක ඔබන්න.

3. දැන් දකුණුපස රූපයේ ආකාරයට එන මෘදුකාංග ලැයිස්තුවෙන් wine-1**** ආකාරයට පෙන්වන එකේ ඉදිරියෙන් ඇති පුංචි කොටුවට click කරන්න.

4. දැන් ඊට පහතින් ඇති Apply button එක ඔබන්න.

දැන් Wine install වී අවසන් වූ පසු පරිගණකය restart කරගන්න එක ඉතා වැදගත්වේ.



Wine සඳහා sounds ක්‍රියාත්මක කිරීම. රූපය බලන්න
(අතිරේක වැඩක්. නමුත් මේක අවශ්‍යවෙන වෙලාවකුත් එනවා)

එය කිරීමට පහත රූපය බලන්න
1. Application -> Wine -> Wine Configuration විවෘත කරගන්න
2. දැන් එහි ඇති Audio පිටුව තෝරා ගන්න
3. දැන් Sound Drivers යටතේ ඇති PulseAudio Driver ඉදිරියේ ඇති කුඩා කොටුව මත click කර තෝරා ගන්න.
4. දැන් Apply button එක ඔබන්න. දැන් හරි. අවශ්‍යනම් පරිගණකය restart කරගන්න.
5. දැන් Sound නිවැරදිව ක්‍රියාකරන්නේ දැයි දැන ගැනීමට නැවත පියවර 1,2, කර Test Sound button එක ඔබා ශබ්දය ඇසේදැයි බලන්න.


මුලින්ම ඕමි ක්‍රීඩාව මෙතනින් Download කරගනිමු. (Version 1.09 latest)

1. දැන් rar ගොනුව extract කරගන්න..
2. දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට විවෘත කරගන්න.


Download කරගත් exe file එක මත right click කර "Open with wine windows program loader" තෝරා ගන්න.
දැන් ඕමි ක්‍රීඩාව විවෘතවේ. දැන් ක්‍රීඩා කරන්න
ඕමි දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.

මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

No comments: