Friday, June 25, 2010

Fedora Linux සඳහා Multimedia ඇතුළු වෙනත් දේ ස්වයංක්‍රීයව පහසුවෙන් දාගමු

අද මම ඔබට හඳුන්වා දෙන්නේ Easylife for fedora හා සමාන තවත් එකකි.

මේ කුඩා මෘදුකාංගය ඔබට අවශ්‍යවෙන බොහෝ දේවල් ඉතා ලේසියෙන්ම install කරදෙන අතර ඒ වගේම uninstall කරදෙනවා. මාගේ බ්ලොග් අඩවියට නිතර එන ඔබ දන්නවා Easylife එකෙන් uninstall පහසුකම දෙන්නේ නැහැ කියලා. පහත screen shots දැක්කහම ඔබට වඩාත් පැහැදිලි වේවි. මෙම මෘදුකාංගය Autoten නමින් හඳුන්වන අතර නියම gui එකක්ද ඇත.

තවද ඔබ දැනගතයුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, Easylife සහ Autoten දෙකම එකවර ස්ථාපනය කල නොහැක. ඔබ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි. නැත්නම් මා කල ආකාරයට මුලින්ම Easylife භාවිතා කර ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඊට පස්සේ Easylife uninstall කර අවසන Autoten ස්ථාපනය කරගෙන ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඒක ඉතා සාර්ථකව කරගන්න පුළුවන්. ඒ මෘදුකාංග දෙකේම කාර්යය එකක් වුවත් මතක තියා ගන්න ඒදෙකෙන් එකිනෙකට වෙනස් මෘදුකාංග ස්ථාපනය කර දෙන බව. උදාහරණයක් ලෙස Easylife විසින් google picasa ස්ථාපනය කරදෙන අතර Autoten විසින් Google Earth ස්ථාපනය කර දෙනවා. ඒ වගේ තවත් වෙනස්කම් කිහිපයක් තිබෙනවා. ඔබ භාවිතා කර බලන්න. ඒවගේම fedora භාවිතා කරන අයවත්වත් මේ ගැන දැනුවත් කරන්න.

මතක තියා ගන්න "ඔබ Open Soure Software භාවිතා කරන්නෙක්නම් ගුරු මුෂ්ඨිය තියා ගන්න එක හොඳ නැත. ඒ වගේම ඒ ගැන අන් අය දැනුවත් කිරීම තමන්ගේ යුතුකමයි. එය කඩකිරීම පාපයකි!" (ඒක කිව්වේ කවුද දන්නවද???? මම! :-) )

Autoten භාවිතයෙන් ස්ථාපනය කරගත හැකිදේවල් පහත රූපයෙන් ඔබට බලාගත හැක

මෙන්න Autoten ස්ථාපනය කරන්න ඔබ terminal එකට ඇතුලත් කලයුතු විධානය:
මුලින්ම ඔබ root user විධීයට terminal එකට log වෙන්න. ඊට පස්සේ පහත පේළිය පිටපත් කර terminal එක තුළට paste කරගන්න. ඉන්පසු Enter Key එක ඔබන්න

rpm -Uvh http://dnmouse.org/autoten-4.6-5.fc13.noarch.rpm

ස්ථාපනය කර අවසන්වූවිට පහත ආකාරයේ icon එකක් ඔබේ Desktop එකේ දැකිය හැක.

දැන් ඒකෙන් වැඩගන්න විධිය දැන ගන්න:

එම Icon උඩ click කර විවෘත කරගන්න.
දැන් ඔබේ root password එක දෙන්න

දැන් පහත ආකාරයට මෘදුකාංගය විවෘතවේ.

  • Install යටතේ ඇති මෘදුකාංග සහ codecs එම මෘදුකාංගයේ නම මත click කිරීමෙන් ස්ථාපනය කරගත හැක.
  • About යටතේ ඇති info botton එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ස්ථාපනය කිරීමට සකසා ඇති script එක ඔබට බලාගත හැක (සැකයක් ඇත්නම් :-) )
  • Uninstall යටතේ ඇති Remove button එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ඉවත් කලහැක.
  • Status යටතේ ඔබට එම අදාල මෘදුකාංගය/codec ස්ථාපනය කර ඇත්දැයි දැනගත හැක.

ඔබ යම්කිසි දෙයක් (උදාහරණයක් ලෙස Skype) මෙය භාවිතයෙන් ස්ථාපනය කලහොත්, එය කර අවසානයේ Autoten close කර නැවත Autoten ආරම්භ කර ඔබ විසින් සාර්ථකව එම මෘදුකාංගය ස්ථාපනය කර ඇත්දැයි එයට අදාල Status එකෙන් දැන ගත හැක. එවිට status යටතේ Installed කියා දක්වයි

Autoten ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අයෙක් වෙතොත් කරුණාකර http://dnmouse.org වෙතට යන්න.

මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

No comments: