Tuesday, June 22, 2010

පරණ පරිගණකයට Fedora 13 install කරපු හැටි....

මගේ ගෙදර පාවිච්චි කරන මට තියෙන එකම පරිගණකය pentium 3 වර්ගයේ පරණ එකකි. එහි ඇති Ram ප්‍රමාණය 256mb වන අතර processor speed එක 800mhz වේ. දැනට භාවිතා කරන operating system එක වන්නේ TeenPup Linux. එය Puppy Linux පාදක කරගත් එකකි.

මට මේ පරිගණකයට fedora 13 දාගන්න හැකිනම් බොහොමයක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් නිසා බොහොම අමාරුවෙන් තවත් 128mb ram card එකක් හොයාගෙන පරිගණකයට සවි කලෙමි.
දැන් මුළු ram ප්‍රමාණය කීයද?... 384යි.

දැන් Fedora 13 dvd එක පරිගණකයට දමා boot කලෙමි. කොහොම හරි මම හිතුවා වගේ ඒක අඩුවේගයක් ගත්තේ නැහැ. මටත් පුදුමයි. ඒත් installation එක ආරම්භ කලවිට text mode එකෙන් installation එක ක්‍රියාත්මක වුනා. ඒත් මම මෘදුකාංග installation එකේදී customize (ඒ කියන්නේ මෘදුකාංග තෝරා බේරාගෙන ස්ථාපනය කිරීමටයි) කරගන්නවා කියලා හිතාගෙන ඒකට ඉදිරියටම යන්නට ඉඩ දුන්නා. නමුත් පුදුමයකට වගේ software customization (or you may call it custom selection) screen එක ආවේ නෑ. ඒ වෙනුවට එයා කෙලින්ම මෘදුකාංග ස්ථාපනය එයාට ඕන විධියට පටන් ගත්තා. විනාඩි 20න් විතර installation එක අවසන් වුනා. ඒවගේම පරිගණකයෙන් dvd එක දොට්ට දමා reboot කිරීමට අවශ්‍යයැයි එයා කිව්වා. (එයා කියලා මම කිව්වේ fedora 13 ගැන) ඔන්න ඉතිං reboot වෙලා අවසානයේ terminal එක පෙන්වන්න ගත්තා. Graphical desktop එක නෑ. ඒක එහෙම වුනේ fedora 13ට Graphical desktop එක ස්ථාපනය සඳහා අවශ්‍ය තරම් ram නොතිබුන නිසයි.

මට terminal එක ගෙදරවගේ වුනාට ගෙදරදොරේ වැඩ ටික කරගන්න මට Graphical desktop එක ඕන. සිංදුවක් අහන්න video එකක් බලන්න ගෙදර තරම් තැනක් වෙන කොයින්ද? ඉතිං මේකට එකම පිළියම තව වැඩිපුර ram එකතු කිරීමයි. මම වහාම fedora 13 system requirements බැලුවා. ඒකේ කියන්නේ Graphical desktop එක ස්ථාපනයට ram 512mb වත් අවශ්‍යයි කියලයි. දැන් මොකද කරන්නේ? මගේ පරිගණකයට ඇත්තේ ram slots 3යි. ඒත් SDram කොහෙන් කියලා හොයන්නද?
එදාට පහුවෙනිදා කාර්යාලයට ගියවෙලාවෙ බොහොම අමාරුවෙන් තවත් 64mb ram එකක් හොයා ගත්තා. ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඒක ගෙනවිත් සවිකලා. දැන් Ram ප්‍රමාණය 448mb! තව 64ක් අඩුයි!! කමක් නෑ කියලා fedora 13 ස්ථාපනය පටන් ගත්තා. හරිම සතුටුයි වැඩේ හරිගියා!! කොහොම හරි විනාඩි 40ක් වගේ කාලයක් ඇතුලත මට අවශ්‍ය ආකාරයට installation එක කර ගත්තා.
කිසිම කරදරයක් නැතිව පරිගණකය බබා වගේ වැඩ! නියමයි! හැබැයි GUI එක භාවිතයේදී processor එකේ වේගය අඩුබව පොඩ්ඩක් දැනුනා. ඒත් අවුලක් නැහැ. 

ඊට පස්සේmp3, dvd පාවිච්චි කරන්න multimedia codecs අවශ්‍යතාවය දැනුනා. Nokia phone එක පාවිච්චි කරලා ඒවා දාගන්න ගියොත් විකිණෙන නිසා මට අමුතු වැඩක් කරන්න හිතුනා!

අමුතු වැඩක්!

පරිගණකයේ Hard disk එක ගලවගෙන ඊලඟ දවසේ මා සේවය කරන LankaNet ආයතනයට ගෙනගොස් ඒහි ඇති Core 2 duo පරිගණකයකට සවි කර boot කලෙමි. මම හිතුවේ වැඩේ අන්තිමටම වරදියි කියලයි. ඒත් මම වැරදියි! මෙන්න ඒකෙදිත් මේක බබා වගේ වැඩ!!
ඒවෙලාවෙම එහි NetworkManager එක restart කර අපේ network එකට සම්බන්ධ කර ගත්තා. ආයිත් තව මොනවා බල බල ඉන්නද? Easylife දාගෙන මට අවශ්‍ය හැමදේම ඒවෙලාවෙම ස්ථාපනය කර ගත්තා.
නැවත Hard disk එක ගලවගෙන හවස ගෙදර ගිහින් නැවත් මගේ පරිගණකයට ඒක සවි කලා. නියමෙට වැඩ!! කියලා වැඩක් නෑ මට ෆුල් හැපි!

මම හිතන්නේ මේ ක්‍රමය හැම කෙනෙක්ටම හරියයි කියලා හරියටම කියන්න බැරි වුනත් බොහෝ දුරට මට වගේම හරියන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේ ක්‍රමයට අන්තර්ජාලය නැති කෙනෙක්ට මුලින්ම තම පරිගණකයේ fedora 13 ස්ථාපනය කර ඉන්පසු hard disk එක ගලවා internet ඇති තැනක පරිගණකයකට සවි කර තමන්ට අවශ්‍ය දේ ස්ථාපනය කරගන්න පුළුවන් වේවි.

කොහොම හරි මගේ අවශ්‍යතාවය ඉටුකරගත්තා. එනම්,

1. පරණ පරිගණකයට fedora 13 ස්ථාපනය.
2. මට අවශ්‍යදේ අන්තර්ජාලය ඇති තැනකට ගොස් ස්ථාපනය කරගැනීම.

මේ දේ ඔබත් කර බලන්න. දෙකෙන් එකක් වෙයි!

7 comments:

Amila Udayanga D.G. said...

පිස්සු හැදෙයි. හැබැයි පරිස්සමෙන්. HDD එක ගලවගෙන එහෙ මෙහෙ යන එකනම් එච්චර හොද වැඩක් නෙවේ.

Unknown said...

FEDORA DVD AKA DOWNLOAD KARPU AKDA. UBNTU VAGA GANAGATRADA. FEDORA DVD AKI VCD AKI VANASA MOKADA

Unknown said...

@Maduka
1. ඔව් download කරලයි ගත්තේ.
2. Cd එකෙන් boot කරලා වැඩ කරන්නත් ස්ථාපනය කරන්නත් පුළුවන්. මෘදුකාංග අඩුයි.
3. DvD එකේ මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි cd එකෙන් වගේ boot වෙලා භාවිතා කරන්න බෑ. ස්ථාපනය විතරයි.

Anonymous said...

pl: help me...

fedora dvd/cd ekaka gennaganna widiak nadda mama download ara cd/dvd dekaa ane eunata insall karanna setup fill ekak nane help me www.sumithpriyantha@hotmail.com

my ad: po box 40157,doha qatar,ag
thanks bey.

Anonymous said...

Which os is much better, fedora 13 or ubuntu 10.4?

Anonymous said...

Which os is much better, fedora 13 or ubuntu 10.4?

Unknown said...

@ Anonymous said...

Which os is much better, fedora 13 or ubuntu 10.4?

It Depends. If you are familiar with Redhat, Love the tools provided for administration/services,you will go for Fedora.
If you come from Debin world, want easyness and love the vast software library, you are just a Desktop user or new comer to Linux, you will go for Ubuntu!