Sunday, June 20, 2010

Fedora 13 අති විශිෂ්ඨයි! (කෙටි සටහනක්)

Fedora 11 පාවිච්චි කරලා ඇතිවෙලා මට හිතුනා රාජකාරි ලැප්ටොප් එකට Fedora 13 දාගත්තොත් හොඳයි කියලා. ඒක එහෙම කරන්න හේතු කිහිපයක් තිබ්බා.
එකක් මගේ ලැප්ටොප් එකේ Bluetooth device එක fedora 11 එක්ක හරියට වැඩ කරන්නේ නෑ. ඒවගේම මගේ Nokia ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට යාමට අවහිරවෙන නොයෙකුත් ගැටළු තිබ්බා. (ගෙදරදී අන්තර්ජාලයට යන්නේ ජංගම දුරකථනය සම්බන්ධ කරලයි.)

Triple boot විධියට පාවිච්චිකළ MS Windows Vista, fedora 11 සහ ලංකානෙට් ලිනක්ස් 1 (උබුන්ටු 9.04) අතරින් MS Windows Vista ඉතිරි කර අනිත් දෙන්නාව ඉවත් කළා. එහෙම කරන්න Ranish Partition manager software එක පාවිච්චි කලා. ලැප්ටොප් එකත් එක්කම ආව නිසා Vista එහෙම්මම තිබ්බා. Ubuntu පසුව දාගන්න ඉඩ තිබ්බා.
ඔන්න ඉතිං fedora 13 installation එක පටන් ගත්තා. මට අවශ්‍ය විධියට partition හදාගෙන, ඒවගේම මට අවශ්‍ය software තෝරා බේරා ගෙන වැඩේ ඉක්මනින්ම ඉවර කර ගත්තා.
Bluetooth icon එක panel එකේ පෙන්වන්න ගත්තාම මට හරිම සතුටක් දැනුනා. එය හරහා ජංගම දුරකථනයට file එකක් යවා එහි ක්‍රියාකාරීත්වය සාරථකව සිදුවෙන බව සොයා ගත්තා. ඒ වගේම panel එකේ ඇති NetworkManager icon එක click කර ලේසියෙන්ම wireless narrowband connection එක සකස් කරගත්තා (Nokia phone එක භාවිතයෙන්). අන්තර්ජාලයත් ඒ හරහා වැඩ කලා. ඉන්පසු හැකි ඉක්මනින් එය විසන්ධි කර office එකේ Network එකට එකතු වුනා. නැත්නම් phone bill එක ගෙවන්න ඉඩකඩම් උගසට තියන්නවෙයි.
ඉන්පසු Easylife දාගෙන එය හරහා අවශ්‍ය Multimedia codecs ඇතුලු අනෙකුත් මෘදුකාංග කිහිපයකුත් දාගත්තා. මගේ මූලික අවශ්‍යතාවයන් දැන් හරි.


දැන් මේකෙ මොනවද අළුතෙන් තියෙන්නේ?


1. Deja Dup Backup tool එක තමන්ගේ ගොනු සුරක්ෂිත කරීමේ පහසුව සඳහා ඇත.
2. Printer කිහිපයක් ඔබ භාවිතා කරනවානම් ඒ සඳහා වෙනවෙනම drivers install කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී printer ඉතා පහසුවෙන් ක්‍රියා කරයි.
3. Scanner සඳහා ඉතා සරල ඒවගේම පහසු simple scan නම් මෘදුකාංගයක් හඳුන්වා දී ඇත.
4. Nvidia Graphic cards සඳහා දැන් වඩාත් හොඳින් සහය දක්වයි. එයට අවශ්‍ය ලිනක්ස් සඳහාම සැකසූ driver එකක් ඇතුලත් කර ඇත.
5. Btrfs මගින් පරිගණකය කලින් තිබුන තත්වයට ආපසු යවයි. එය rollback මෘදුකාංගයක් නැත්නම් Windows restore utility එක හා සමාන යැයි සරලව කිව හැක.
6. Gimp ඇත. උබුන්ටු 10.04 එකෙන් Gimp හැලුවට Fedora එකේ තාම ඒක තියෙනවා.

1 comment:

Anonymous said...

නියමයිනේ...මාත් ෆෙඩෝර 13 දාල බලන්න ඕනේ