Monday, April 25, 2011

Java එපා! Ceylon දෙන්න!!

ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...  

RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි නිසාත්ය. ජාවා එක්ක වැඩ කරන අයට එහි තිබෙන සාම්ප්‍රදායික ගැටළු මගහැර නව මගකට (හොඳට හෝ නරකට) යෑමට අවශ්‍යයි කියා සිතේනම් Ceylon language එක හොඳ විකල්පයක් වගේ දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම ජාවා වල තිබෙන යල් පැන ගිය class library වෙනුවට මේ සඳහා නව class library කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර මෙය තුළ ජාවා syntax භාවිතා කිරීමටද හැකිය. 

2011 අග භාගයේදී මෙහි compiler එක නිකුත් කිරීමට බලා පොරොත්තුවන අතර, භාවිතයට හා ඉගෙනගැනීමට ජාවා වලට වඩා පහසු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ජාවා ක්‍රමලේඛනය කරන අයට සහ අලුතෙන් පරිගණක ක්‍රමලේඛනය හදාරන අයට මේක හොඳ ආරංචියක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒවගේම Ceylon කියන වචනය නිසා ලංකාව ගැනත් නොදන්න අය දැන ගනීවි.

වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Ceylon_Project
 http://www.infoworld.com/d/application-development/red-hats-ceylon-language-unneeded-tempest-in-teapot-558?page=0,1

5 comments:

Hishan de Silva said...

මරුනේ...

සසීන්ද්‍ර වීරසිංහ said...

එල එල

Anonymous said...

තරගකාරීත්වයක් ඇති වෙලා දෙකම දියුණු උනොත් හොදයි.නමුත් ඔරකල් සමාගම ජාවා සදහා ලොකු දෙවල් කරන්නේ නැති නිසා Ceylon වලට හොදයි.අවසනේදි සද්දේ වගේද වැඩ බලමුකෝ

අමිල said...

එන්න තියෙන එව්වා කළින්ම දැනගන්න සැලස්සුව එකට ස්තූතියි. දැන් ඉතින් පොඩ්ඩක් විතර ටච් එකේ ඉන්න බැරියැ. කොහොම උනත් ජාවා වගේ පරිගණකයේ සම්පත් අනිසි ලෙස උපයෝගී කරගන්නා භාෂාවක් නොඋනොත් අපිත් ඒ පැත්තට හැරෙන්න බලනවා.

Anonymous said...

දැන් අරයා කෑගහයි ලංකාවේ එයාගේ ජාවා ඉගැන්නිල්ල නිසා ජාවා වලින් ලංකාව වෙනුවෙන් ලැන්ගේජ් එකක් හදනවා කියලා. (:D)