Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Thursday, October 6, 2011
ස්ටීව් ජොබ්ස්.... ඔබට නිවන් සුව ලැබේවා!
දක්ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම දන්නේ ඔහුගේ පරිගණක සම්බන්ධ නිර්මාණ විතරයි.
ඉතිං ඔබට නිවන් සුව! (ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා කියා පැතිය හැකිය.)
Wednesday, June 22, 2011
ලබන වසරේ 12වන දා ඒක ගන්න පුළුවන්?
අමුතු ප්‍රවෘත්තියක්.
1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!
2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය
3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනය
මෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-right
මෙන්න screen shot එක
HAVE FUN!

Wednesday, June 1, 2011
Libre office හා openoffice යන දෙකෙහි අනාගතේ කා අතේද?
Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ මේක කරට අරගෙන මෙහි වැඩි දියුණුව හා සුභ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවයි!
Oracle සමාගම තමන්ගේ අතේ තියාගෙන ඉන්න Openoffice.org එකේ නම Libreoffice කණ්ඩායමට නොදී වෙන ආයතනයකට දෙන එකත් ලාවට අමුතුයි. ඒත් දැන් මේවා තීරණය වෙලා ඉවරයි.
Openoffice.org දිගටම යනවා. Libreoffice වෙනම යනවා. දෙකෙන් කෝකද ඕන?

Thursday, May 12, 2011
සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම් ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?
අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!
මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

Monday, April 25, 2011
Java එපා! Ceylon දෙන්න!!
ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...
RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි නිසාත්ය. ජාවා එක්ක වැඩ කරන අයට එහි තිබෙන සාම්ප්‍රදායික ගැටළු මගහැර නව මගකට (හොඳට හෝ නරකට) යෑමට අවශ්‍යයි කියා සිතේනම් Ceylon language එක හොඳ විකල්පයක් වගේ දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම ජාවා වල තිබෙන යල් පැන ගිය class library වෙනුවට මේ සඳහා නව class library කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර මෙය තුළ ජාවා syntax භාවිතා කිරීමටද හැකිය.
2011 අග භාගයේදී මෙහි compiler එක නිකුත් කිරීමට බලා පොරොත්තුවන අතර, භාවිතයට හා ඉගෙනගැනීමට ජාවා වලට වඩා පහසු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ජාවා ක්‍රමලේඛනය කරන අයට සහ අලුතෙන් පරිගණක ක්‍රමලේඛනය හදාරන අයට මේක හොඳ ආරංචියක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒවගේම Ceylon කියන වචනය නිසා ලංකාව ගැනත් නොදන්න අය දැන ගනීවි.
වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Ceylon_Project
http://www.infoworld.com/d/application-development/red-hats-ceylon-language-unneeded-tempest-in-teapot-558?page=0,1

Friday, April 8, 2011
ලංකානෙට් ආයතනයෙන් කරන පරිගණක පාඨමාලා ගැන....
"ලංකානෙට් එකෙන් කරන පාඨමාලාවන් හා සේවාවන් මොනවද?" කියලා හැමෝම නිතර අහනවා. මට උත්තර දෙනවට වැඩිය මෙහෙම පොදුවේ දැනුම් දෙන එක ලේසියි. ඔය තියෙන්නේ විස්තර කිහිපයක්. ලංකානෙට් එකේ ඉන්න අයට අමතලා තවත් වැඩි විස්තර අහගන්න පුළුවන්. මට කෝල් කරන්න එපා. මොකද මේ දවස්වල මම බරපතල වැඩකට අත ගහලයි ඉන්නේ. තරහා වෙන්න එපා... :-)
Friday, March 4, 2011
LankaNet Linux 3 සඳහා Compiz Fusion නැතහොත් Desktop Effects දාගමු
බොහෝ පිරිසක් ලංකානෙට් ලිනක්ස් එකේ Compiz Fusion නැත්තේ මොකද කියලා අහලා තිබුනා. ඒකට හේතු කිහිපයක් තිබුනා. එකක් වෙන්නේ මෙම software එක සමහර graphic cards එක්ක නිවැරදිව ක්‍රියා නොකිරීමයි. ඇත්තම කියනවනම් ලංකානෙට් ලිනක්ස් 3 සංස්කරණයේ Compiz Fusion තිබෙනවා ඒත් එය සකස් කිරීමට අවශ්‍ය compizconfig-settings-manager පමණක් නැහැ. ඉස්සෙල්ලාම අපි ඒක දාගමු.
compizconfig-settings-manager මෙතනින් download කරගෙන එම ගොනුව මත double click කිරීමෙන් පහසුවෙන්ම install කරගන්න පුළුවන්. මේක 623kbක පුංචි එකක්.
දැන් මේක අපිට අවශ්‍ය ආකාරයට සකස් කරගමු,
System->Preferences->Compizconfig settings manager එකට යන්න.
දැන් පහත රූපයේ ආකාරයට එය විවෘතවී දිස්වේ.
1. එහිදී ඔබ ඉහත දැක්වෙන ආකාරයට Gnome Compatibility සහ KDE Compatibility යන දෙකටම හරි සලකුණ යොදන්න.
2. දැන් Desktop cube එකට හරි සලකුණ යොදන්න, එවිට පහත රූපයේ ආකාරයට ප්‍රශ්ණයක් විමනසවා. එවිට Disable Desktop Wall බොත්තම ඔබන්න.
3. Rotate cube යන එකට හරි සලකුණ යොදන්න
4. පහත රූපයේ ආකාරයට Animations සහ Animations addons යන දෙකටම හරි සලකුණ යොදන්න.
දැන් අපි Desktop එක පෙට්ටියක් කරමු.
1. Rotate Cube මත click කරන්න
2. පහත රූපයේ ආකාරයට එහි වෙනස්කම් කරන්න. මෙහිදී මම මූලිකවම මේවා වෙනස්කර ඇත,
දැන් පෙට්ටිය කරකවන්න
CTRL සහ ALT දෙක ඔබාගෙන යතුරු පුවරුවේ left arrow හෝ Right Arrow යතුරු ඔබා බලන්න.
දැන් පෙට්ටිය හරි. ඊලඟට අපි තව එකක් කරලා බලමු.
Window එකක් close කරන විට ගින්දර පිටවෙන ආකාරයට අලංකාර Animation effect එක දාගමු.
1. Animations මත click කරන්න.
2. දැන් එතනින් පහත රූපයේ ආකාරයට Close Animation යන පිටුව තෝරා ගන්න
3. දැන් පහත රූපයේ ආකාරයට එයට පහල ඇති ලැයිස්තුවෙන් පළමු එක තෝරාගෙන Edit ඔබන්න.
4. ඉන්පසු පහත රූපයේ ආකාරයට වෙනස්කම් කරගන්න. මම වෙනස් කර ඇත්තේ මේවායි,
5. දැන් එය close කරන්න
6. දැන් compizconfig settings manager එකත් close කරන්න. එච්චරයි...

- Raise on rotate මත හරි ලකුන යොදා ඇත
- Acceleration හි අගය 2ට ආසන්න අගයක් කර ඇත
- Zoom හි අගය 0.31 කර ඇත.
දැන් පෙට්ටිය කරකවන්න
CTRL සහ ALT දෙක ඔබාගෙන යතුරු පුවරුවේ left arrow හෝ Right Arrow යතුරු ඔබා බලන්න.
දැන් පෙට්ටිය හරි. ඊලඟට අපි තව එකක් කරලා බලමු.
Window එකක් close කරන විට ගින්දර පිටවෙන ආකාරයට අලංකාර Animation effect එක දාගමු.
1. Animations මත click කරන්න.
2. දැන් එතනින් පහත රූපයේ ආකාරයට Close Animation යන පිටුව තෝරා ගන්න
3. දැන් පහත රූපයේ ආකාරයට එයට පහල ඇති ලැයිස්තුවෙන් පළමු එක තෝරාගෙන Edit ඔබන්න.
4. ඉන්පසු පහත රූපයේ ආකාරයට වෙනස්කම් කරගන්න. මම වෙනස් කර ඇත්තේ මේවායි,
- Close effect: එම ලැයිස්තුවෙන් Burn තෝරාගෙන ඇත
- Duration: 200 දක්වා වැඩිකර ඇත
5. දැන් එය close කරන්න
6. දැන් compizconfig settings manager එකත් close කරන්න. එච්චරයි...
Subscribe to:
Posts (Atom)