හොරකම... (ඔන්න මාව පුළුවන්නම් බයිට් එකට ගන්න)
වින්ඩෝස් කොපියක් දාගෙන එහෙන් මෙහෙන් හොයාගත්ත මෘදුකාංග ටිකකුත් දාගත්තාම ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා ඔබ මගෙන් අසාවි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න, ඔබ කරන්නේ හොරකමක් නේද? හොරකමක් කොහොමද සිම්පල් වෙන්නේ? අල්පෙනෙත්තක් හොරකම් කලත් බැංකුවක් කැඩුවත් හොරකම හොරකමමයි නේද?
අනාරක්ෂිත බව... (ඔහොම්මම පිටිපස්ස හැරිලා බලන්න කවුද ඉන්නේ කියලා)
අපිට නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න ලේසි නෑ. email එකක් open කරන්නත් බෑ. LTTE කොටින්ට හපන් මේ අන්තර්ජාලයේ ඉන්න ත්රස්තයෝ. පොඩ්ඩ එහා මෙහා වුනොත් ඉවරයි. පරිගණකය format කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ, නැත්නම් වැඩ කරන්න විදියක් නෑ. මේකෙ ඇතුලෙ මොකා රිංගන් ඉන්නවද කවුද දන්නේ? virus, spyware, malware, ransomeware, adware තව key loggers හපොයි!! මේවයින් බේරෙන්න කොච්චර Anti-virus සහ තවත් දේවල් දාගත්තත් ලේසි නෑ. කරදරේ ඉවර වෙන්නේ නෑ. පුද්ගලිකත්වයට ඉතිං දෙයියන්ගේම පිහිටයි! (අපෝ! Anti-virus එකයි අර protection software එකයි මේකයි දා ගත්තාම මැෂිම අම්බානකට slow වුනා නේද??)
ගැලවිල්ල.... (මෙතනදී මාව පට්ට ගහන්න)
අත මිට සරුද? එහෙනම් ඇයි මෘදුකාංග හොරකම් කළේ? ජොලියට? වියදම් කරන්න ලෝබකමටද? ලැජ්ජ නැද්ද?? ගන්නකො නියම විදියට රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඔය අවශ්‍ය කරන මෘදුකාංග ටික! කාටද ආඩම්බර!! ඒත් බැරිද? එහෙනම් open source software පාවිච්චි කරන්න. බෑ කියලා නිකං ඉන්න එපා ටිකක් මහන්සි වුනොත් වැඩේ කරන්න පුළුවන්! මාත් පාවිච්චි කරනවා. මට අවශ්‍ය දේවල් ඔක්කොම මේවයින් තමයි කර ගන්නේ.
Anti-virus දැම්මෙ නැද්ද? OS එක Gnu/Linux නේද? එහෙනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඇයි? Virus වලින් Linux පරිගණකයට හානි වෙන්නේ නෑ. කරන්නත් බෑ. හේතුව, Gnu/Linux ඇතුලට ඔය virus වලට රිංගලා සෙල්ලම් දාන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නේ! බය වෙන්න එපා හොඳේ!
බැරිවෙලාවත් කවුරු හරි Linux වලට virus එකක් ලිවුවොත්?
බය වෙන්න එපා! ඔය වයිරස් ලියන එක්කෙනා ඉස්සෙල්ලාම ලිනක්ස් එකේ තියෙන මොකක් හරි දුර්වල කමක් හොයා ගන්න ඕනෙ. (කළුනික හොයන එක මේකට වැඩිය ලේසියි) ඊට පස්සේ ඒකට වයිරස් එකක් ලියන්නත් ඕනේ. ඒ වැඩේ කියන තරම් ලේසි නෑ. Virus එකක් හැදුවයි කියමුකො, ඒත් ඒ පුද්ගලයා වයිරස් එක යවනකොට Linux එකේ තියෙන ඒ දුර්වලකම ඉවත් කරලත් ගොඩක් කල් ගතවෙලා! සමහරවිට මාස ගාණක් නැත්නම් අවුරුද්දක් විතර! ඉතිං ඒ වයිරස් එකෙන් කිසිම පලක් වෙන්නේ නෑ. අමතක කරන්න එපා, ලිනක්ස් නොමිලේ ලැබෙනවා වගේම නොමිලේ update කරගන්නත් පුළුවන්!
ඉතිං තව මොනවද බලන් ඉන්නේ? හොඳට හිතලා බලන්න! ඊට පස්සේ තීරණයකට එන්න.
16 comments:
මම නම් තීරණයකට ආවා.. ඒක නිසා තමා fedora 11 install කරගෙන වැඩ කරන්නේ.. හැබැයි Windows වලින් ගැලවෙන එක මට ටිකක් අමාරුයි!! මොකද දැන් අවුරුදු හතරක් තිස්සේ දීග කෑවේ එයත් එක්ක නිසා... හැබැයි එක දෙයක්! කාත් එක්කවත් අනියම් සබඳතා පවත්වන්න දුන්නේ නෑ මං. මොකද මම එදා ඉඳන්ම පාවිච්චි කරන්නේ Kaspersky Internet Security. එදා KIS 6.0.xxx සිට ඉදිරියට අද KIS 9.0.0.459 (2010).මමත් කියන්නේ FOSS use කරන්න ඉගෙන ගන්න එක knowledge එකට හරි වැදගත් කියල තමා....
මා අසා ඇති අකාරයට වයිරස් වැඩ සටහන් නිර්මාණය කරන්නන්ගේ අරමුණ එම නිර්මාණය කල වයිරසය තුලින් වැඩි පරිගණක ගනනක් වෙතට බලපැම් එල්ල කිරිමයි එවැනි වැඩසටහන් නිර්මාණ කරන්නන් ලෝකයේ වැඩිම පිරිසක් භාව්තයට ගනු ලබන වින්ඩොස් පද්දති ඉලක්ක කරගනි එනම් ඔවුන්ට ලිනක්ස් පිළිබදව ඉහල තක්සෙරුවක් නැත එ මගහැරිම නිසා ලිනක්ස් වලට වයිරස් බලපැමනැත යැයි පැවසිම කොතරම් දුරට නිවරදියැයි සිතිය යුතුය .
Tharaka,
හොද ලිපියක්. ලස්සනට ලියලා තියනවා. සුබපෑතුම්.
දිසා,
ඔයා කියන කතන්දරේ "ඥෑහ්" කියලා අහක දාන්නත් බෑ. එ උනාට එකෙ සත්‍යතාවය බොහෝම (අම්බානක්) පහල මට්ටමක තියෙන්නෙ.
"හිතන්න" ජාතියෙ ප්‍රශ්නයක් අහනවනම් මට අහන්න පුලුවන් "ගෙඩිය පිටින් මුලු source code එකම ප්‍රසිද්ධියේ ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදියට තියෙද්දිත්, ඈයි තාම මේකට ටොපිය දෙන්න virus කෑල්ලක් ලියාගන්න කාටවත් බෑරි උනේ?" කියලා.
භාවිතය පිලිබද ප්‍රශ්නෙ ගෑන කතා කරනව නම්, windows වලට යි linuxවලටයි පෞද්ගලික පරිගණක භාවිතයේදී තියෙන් ප්‍රතිශතය server භාවිතයේ දී සම්පූර්ණයෙන්ම කණපිට ඈයි?
programming කරන කට්ටිය coading ethics කියලා දෙයක් ගෑන අහලා තියනවා ඈති. windows programming කරන කට්ටිය නම් ඕක ඉක්මනටම අමතක කරනවා. වදෙන් පොරෙන් හරි ඔකෙ එල්ලිලා හිටපු කට්ටියට ටොපිය දෙන්න තමයි මුලින්ම vb ගෙනාවෙ. වෑඩෙ එච්චර සාර්තක උනේ නෑ. නමුත් c#වලට පිං සිද්ද වෙන්න c++ කරලියෙන් ඉවත් කිරිල්ල සෑහෙන දුරට සාථක වෙලා තියනවා.(දෑන් c++ exam එකක් නෑ නේද ms වල?) ඔයා කරන වෑඩේ ලේසි කරලා දෙන්න තියන close source solution එකක් ලියපු කෙනා කරපු වෑරදි වහන්න virus guard, anti spyware දානවා කියන්නෙ ගුණ ධර්ම උගන්නනෙ නෑතිව හදපු ගෑණු ළමයෙක්ව කොළඹ ගෙදරක තියාහන පරිස්සම් කරනවා වගේ වෑඩක් නේද? වෙලාවක් ලෑබුනම ඔය ගෑන පෑහෑදිලිව ලියන්නම්.
වින්ඩෝස් වල තිත්ත ඇත්ත ලස්සනට විස්තර කරලා තියනව. ලිනක් වලට වයිරස් නැත්තෙ නෑ තියනව ඒත් ඒ ඉතාම සුළු ගණනක් ඒවත් වර්තමාන ලින්ක්ස් කර්නල් එකේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හේතුව ලිනක්ස් community එක. මයික්‍රෝසොෆ්ට් සමාගමේ සීමිත සේවකයින් ගණනක්(5000 ක් කියමු) වින්ඩෝස් වල දුර්වල කම් හොයනකොට ලෝකෙම ඉන්න කෝට් ගණනක් ලිනක්ස් පරිශීලකයින් ලින්න්ස් කර්නල් එක බලනවා. ඒකේ වැරදි හොයා ගන්නවා තමන්ට පුළුවන් නම් පැච් එකක් හදනවා නැත්නම් හදන්න දන්න අයට කියනවා. ඒකයි ලින්ක්ස් os වල බය නැතුව virus free කියල කියන්නෙ.
හම්......
කතාව ටිකක් සාධාරණයි වගේ පේනව..
හැබැයි ඔය වයිරස් වලින් වින්ඩෝස් වලට ඔය කියන තරම් අතවරයක් වෙන්නෙ නෑ නිරන්ජන් අයිය කියනව වගේ හොද වයිරස් ගාඩ් එකක් තියෙනව නම්.. අනික කොච්චර උනත් තාමත් වින්ඩෝස් වලට සැලක්ය යුතු තරම් තරගයක් ලැබිල නෑ FOSS වලින්...
මෙන්න මේකත් කියන්න ඕන, මම හිතන්නෙ නෑ මෙතන කවුරුවත් FOSS වලින් පරිගණක අධ්‍යාපනය පටන් ගත්ත කියල.. හැමෝම තමන් මුල්වරට පරිගණකයක් ඔන් කරනකොට දැක්කෙ එක ලෝගො එකක්.. (Windows)
කියල තියන දේවල් එක්ක මමත් එකඟයි. මමත් පළවෙනි වතාවට දැක්කෙ වින්ඩෝස් ලෝගෝව තමයි.ඒ 2000 අවුරුද්දෙ විතර.
ඒත් පසුව මට ලිනක්ස් ගැන ආසාවක් දැනුනා.
මම පළමුවෙන්ම දාන්න ගියේ රෙඩ් හැට් ලිනක්ස්. සංස්කරණය නම් මතක නෑ. ඒක දාගන්න ගිහින් කාපු කට්ට මතක් වෙද්දි තාමත් ඇඬෙනව.සීඩී 3කින් ආපූ ඒක දාන්න ගියේ AMD Deuron 1200 මැෂින් එකකට. අන්තිමට උනේ ඩුවල් බූට් කෙසේ වෙතත් තිබ්බ වින්ඩෝසුත් නැතිවෙලා ගිහින් මටත් හොරෙන්ම.ආයිත් ට්‍රයි කලා.. හරිගියෙ නෑ.. ඊට පස්සෙ අල්ලල දැම්ම...
ඔන්න ඊට පස්සෙ කාලෙකදි ගත්ත P4 කොම්පියුටරයක්.ගත්ත අළුතම දැම්ම මැන්ඩ්රේක් ලිනක්ස්.සීඩී වලින්ම 4යි. ඔන්න ඉතින් දැම්මට පස්සෙ මට වෙච්චි දේ.. මගෙ මවුස් එක ගන්නෙම නෑ...ට්‍රයි කළා යූ එස් බී මවුසයක් එක්කත්... නෝ වැඩ...
ඊට පස්සෙ උබුන්ටු .... ඒ මල ඉලව්වෙ මගෙ පරණ පෙන් එක ගන්නෙ නෑ...
මගෙත් ඉවසීමේ සීමාව පැන්නෙ එතකොට.... අල්ලල දැම්ම ලිනක්ස් දැමිල්ල එහෙම පිටින්ම....
(මට වෙච්ච දේවල් සමහර විට ඔබට වෙලා නැතිව ඇති.ඒ නිසා ඔබ හිනා වෙන්නත් පුළුවන්.)
ඊට පස්සෙ ඉතින් වින්ඩෝස් වලම තමයි ඉන්නෙ.(අනේ හොර කොපි එහෙම නොවෙයි.)
දැන් නම් ආයිත් ආසයි ලිනක්ස් අළුත් සංස්කරණයක් දාල බලන්න...ඒකට ඉස්සෙල්ල ඉතින් මේ දුප්පත් මැෂින් එකේ තියන ඩේට ඔක්කොම බැකප් කරන්න ඕන.මොකද මට වෙලා තියන දේවල් මම කිවුවනේ.
සිංහලෙන් ලිනක්ස් ස්ථාපනය ගැන ලියවුණු සයිට් එකක් ෆෝරම් එකක් තියනවද අපේ ගැටලු විසඳගන්න.
අනිත් කාරනේ.. ඩයලොග් HSDPA මොඩම් එක ලිනක්ස් වල වැඩද?
වටිනවා... දිගටම ලියන්න. අදුරට සාප කරන්නේ නැතුව 1 බලුප් 1ක් හරි පත්තු කරපු 1 ගොඩාක් වටිනවා.
@Kanishka
ඔයාගේ කතාව මම ගොඩාක් දුරට පිළිගන්නවා. ඇත්ත. මමත් ඉස් ඉස්සෙල්ලාම කොම්පියුටරේක දැක්කේ Windows ලෝගෝ 1 තමා. ඒත් මල්ලියෝ මෙහෙම දේකුත් තියෙනවා. ඔයා දැකලා තියෙනවා නේද අත දරුවෝ. ඒ වගේම අවුරුදු 1-3 විතර වෙනකම් ඉන්න පොඩි බබාලා. එයාලා සමහර වෙලාවට අසූචි එක්කත් සෙල්ම් කරනවා නේද? ඇයි ඒ. නොදන්නාකමටනේ. ඔයා අසූචි එක්ක සෙල්ම් කරන්නේ නැහැනේ. ඒ වගේ තමා අපි ඉස් ඉස්සෙල්ලාම දැකපු Windows. ඒක හොද නෑ කියලා දැනගත්තාම අපි ඒකෙන් අයින් වුනා. දැන දැන අසූචි එක්ක ඉන්න ඕනේ නැහැනේ නේද....
ටිකක් නිවීහැනහිල්ලේ කල්පනා කරලා බලන්නකෝ. එතකොට සමහරවිට තේරේවී.
ජය වේවා....
Good technical points.
But still.... ???
මාස ෙදකකටවත් සැරයක් ෙමෙහම ඒකක් වත් ලින්න බෙෙබා්
මමත් කාලයක් උබුන්ටු ලිනක්ස් (Ubuntu Linux) පාවිච්චි කලා, නමුත් මට ඒක ඉවත් කරන්න සිද්ද වුනා මොකද මම පාවිච්චි කරපු සමහර Windows මෘදුකාංග උබුන්ටු වල වැඩකරන්නෙ නැතිනිසා. මම වයින්නුත් install කරලා full try එකක් දුන්නා, නමුත් සාර්තක වුනේ නැහැ. හැබැයි ඔයගොල්ලන් ඔක්කොටම මට දෙන්න පුලුවන් පනිවිඩය තමා, Ubuntu Linux වලට සෑහෙන්න softwares තියනව. ඒවගේම කිසිම කරදරක් නැති OS එකක්. Virus ගැන කිසිම දවසක බයවෙන්න අවශ්‍යනැ! Thank you Tharaka for posting such a informative blog! මගේ සුබපැතුම්!
@වජිර නදුන්
HSDPA modem එක ලිනකස් වල එළකිරි වගේ වැඩ කරනවා. Fedora සහ Ubuntu හොඳින් සහය දක්වනවා. බය නැතුව දාගන්න. මම උදව් දෙන්නම්. දැනගන්න ඕන දෙයක් තියෙනවනම් මට email එකක් දාන්න. ප්‍රශ්ණ අහන්න මෙතනිනුත් පුළුවන්. http://www.lankanet.org/helpdesk/
අපි නම් ඉතින් දැනටම linux තමයි.....උබන්ටු තමා මගේ tast එක...
මටනම් දවස් දෙක තුනකින්ම Linux එපා උනා
මොකක් කලත් මට ඕනේ වැඩේ කරගන්න පහසු වෙන්න එපායෑ
මට පෙනුන විදිහටන අන්තර්ජාලය නැති කෙනෙකුට Linux දාගන්න එක ගොඩක් අපහසු දෙයක් වගේ.
@ ම
මේකයි. දැන් ඔය ප්‍රශ්ණය තවදුරටත් ප්‍රශ්ණයක් නෙමෙයි. මොකද www.distrowatch.com වෙබ් එකට ගියාම තමන්ගේ උවමනාවට සරිලන විදියේ ලිනක්ස් එකක් හොයාගන්න පුළුවන්.
මමත් ලිනක්ස් එකක් ලංකාවට හරියන විධියට සකස් කරලා තියෙන්නේ. ඒක Ubuntu 9.04-SuperOs 9.04 ආශ්රයෙන් හැදුවේ. මම හිතන්නේ එයාගේ ප්‍රශ්ණයට ඒක හොඳ විසඳුමක් වේවි කියලයි. දැනටමත් ගොඩක් අය ඒක පාවිච්චි කරනවා. ඒ ගැන විස්තර පස්සේ සියල්ලන්ටම දැනුම් දෙන්නම්.
රනා ගෙ කථාව නම් හරියට හරි. :)
ලිනක්ස් භාවිතා කරන්න යන්නේ පළමු වරට නම් Linux Mint DVD එකක් බාගෙන දාලා බලන්න.. ලස්සනට වැඩ කරයි. Flash, Java, MP3 ඔක්කොම "out of the box" වැඩ. ඉතිං වදයක් නෑ.
ටික ටික ලිනක්ස් වලට හුරු වෙනකොට තේරෙනවා මොන ජනේලකද මම හිර වෙලා හිටියෙ කියලා.
මෙනත තියනවා මින්ට් වල screenshots ටිකක්.
ඩෙස්ක්ටොප් එක
මෘදුකාංග කීපයක් සමඟ
ලිනක්ස් වල සිංහල පේන හැටි
Post a Comment