Saturday, October 16, 2010

LankaNet.org Linux 3 ලඟදීම එයි

මෙන්න සුභ ආරංචියක්! ලඟදීම ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මේක උබුන්ටු 10.04 ආශ්‍රිතව සකස් කරමින් පවතී. ඔක්තොම්බර් මස අවසන් වීමට පෙර මෙය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන අතර මේ ගැන ඔබගේ අදහස් උදහස් සහ කලින් සංස්කරණ වලට අනුව මෙම නව සංස්කරණයේ සිදුවිය යුතුයයි ඔබ සිතන වෙනස්කම් මා දැන ගැනීමට කැමතියි.

උබුන්ටු 10.10 දැනට නිකුත්වී ඇතත් 10.04 LTS සඳහා updates 2013 තෙක් ඔබට ලබා ගත හැකිවේ. එමනිසා දිගු කලක් භාවිතා කිරීමේ හැකියාව සලකා මෙය 10.04 ආශ්‍රිතව සකස් කරමින් පවතී.

නව සංස්කරණයේ ඇතිවිය හැකි ප්‍රධාන වෙනස්කම් මේ ආකාරයට සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පහත දේවල් මෙම සංස්කරණයෙන් ඉවත් කිරීමට සිතමි. නමුත් පහත දේවල් ඉවත් නොකිරීමට ඔබ සාධාරන හේතු ඉදිරිපත් කරන්නේනම් එය සළකා බලමි.

1. Wine - ලිනක්ස් තුල wine මගින් වින්ඩෝස් මෘදුකාංග භාවිතා කරන විට වින්ඩෝස් වෛරස් ආසාදනය නොවන බව සමහර අය සිතයි. නමුත් එය වැරදියි. වින්ඩෝස් පාරිසරික තත්වයන් යටතේ ක්‍රයාකරන වෛරස් ඔබේ wine directory එක තුල ඇති ගොනු වලට හානි කිරීමට ඉඩ ඇත. එයින් නොනැවතී ලිනක්ස් ගොනුවලටද හැනි කරීමට ඉඩ ඇත.

2. මධුර ශබ්ධකෝෂය - මේක wine නැතිව ක්‍රියා නොකරන නිසා අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවේ. මෙයට ලිනක්ස් ආදේශකයක් ඕනේ.
3. Bitdefender - මේක කීදෙනෙක් ප්‍රයෝජනයට ගනීදැයි සැකයක් ඇත.
4. Planner -
5. Playon Linux - තවදුරටත් අවශ්‍ය නොවේ
6. Winetricks - තවදුරටත් අවශ්‍ය නොවේ
7. Avast - නවකයින්ට මේක භාවිතය තරමක් අපහසු විය හැක. කලින් ලිපියේ මේක ක්‍රියාත්මක කිරීමට ඇති අවහිරතාවය විසඳගන්න හැටි මා කියා දී ඇත.
8. Apache, Mysql, Php


පහත දේවල් අලුතෙන් ඇතුලත් කිරීමට බලා පොරොත්තු වෙමි.

1. KDE Desktop environment - වින්ඩෝස් vista වගේ බාහිර පෙනුමක් මෙහි ඇත.
2. LXDE Desktop environment - වින්ඩෝස් xp වගේ බාහිර පෙනුමක් ඇත. 256mb වලටත් වඩා අඩුවෙන් ram ඇති පරිගනක වල ඉතා සාර්ථකව ක්‍රියා කරයි
3. XFCE Desktop environment - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇත.
4. inxi - පරිගනකයේ basic hardware information පෙන්වයි.
5. Abiword - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇති එමෙන්ම MS Word වලට කදිම ආදේශකයකි
6. Gnumeric - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇති එමෙන්ම MS Excel වලට කදිම ආදේශකයකි
7. Chromium web browser
8. hntool - vulnerability scanner සහ තවත් දේවල්

13 comments:

Rajeen Prasanna said...

නියමයි, ඇත්තටම අන්තර්ජාල පහසුකම් නොමැති අයට ලංකානෙට් ලිනක්ස් හොද පිටුවහලක්. හැකි ඉක්මනින් හොද සංස්කරණයක් නිකුත් කිරීමට සුභ පතනවා :)

Anonymous said...

මෙහිදී ‍බ්‍රොන්ඩ් බෑන්ඩ් ඉන්ටර්නෙට් සදහා ඩොන්ගල් සවිකල හැකිද(ඩ්‍රයිවර්ස්)

Unknown said...

@ Rajeen
ස්තූතියි!

@කි.අප්පුහාමි
Ubuntu 10.04 එක්ක වැඩ කරන ඕනෑම එකක් මේක එක්ක වැඩ කරනවා.

Anonymous said...

wine ayin karanna epa.virus akak awath pen aken eka ubuntu wala pennanawa.e nanath scan karataki.net tiyena ayata online update karaganna puluwan virus guard ..virus aka attack karath karanne wine enviroment ekata witarai ne.awulak nane.os akata mukuth wenne nane.

ෂදීශ් ගේ සටහන said...

නිහැඩියාව බිදිමින් නැවත ලිවිමම සතුටට කරුනක්......සුභ පැතුම්!

Mama said...

මේක මට විතරක් වුනු ගැටලුවක්ද දන්නේ නෑ. මම මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් ඉන්ටර්නෙට් යන්නේ. නමුත් ඔබේ කලින් Linux Version එකේදි මට ගොඩක් වෙලාවට internet browse කරන්න බෑ. Network එක connect වුනත් එකේදි page open වෙන්නේ නෑ. මම එතකොට machine එක restart කරලා XP වලින් boot වුනාම ඒ ගැටලුව එන්නෑ. මේ තත්වයට හේතුව මොකක්ද? ඒක අලුත් version එකේදි නැති කරන්න.

Amila Udayanga D.G. said...

@dona ඔය ගැටලුව ubuntu වලදි මටත් ඇවිත් තියනවා. කලින් සකසලා යස අගේට වැඩකරපු අත්තර් ජාලය මේං දෙවනි පාර යන්තරේ ප්‍රතිපන ගැහුවම වැඩකරන්නේ නෑ. ඉතින් ජනේල විකල්පය තමා ඊට පස්සේ.

Roshan said...

01) ඔබලාගේ කලින් සංස්කරණයේ E1550 HSDPA modem එකෙන් Internet Connect උනත් Web Page Browse කරන්න බැහැ.පුලුවන් නම් මෙකටත් විසදුමක් දෙන්න.තවද ‍බොහොමයක් HSDPA මොඩම් Network Manager වල පෙන්වන්නෙ නැහැ.HSDPA Modem Use කරනව නම් ZeroCD disable කරන්න ඕන නේද?
file:///E:/Software%201/Ubuntu/How%20to%20install%20Huawei%20E-1550%20modem%20in%20Ubuntu%2010.04/ozerocdoff.html
මේ Software එකත් ඇතුලත් කරන්න.
02) තව Mobile Partner හෝ ඒ වගේ Speed එක Download/Upload වෙච්ච Data ප්‍රමාණය සහ Speed එක ප්‍රස්ථාරික ආකාරයට පෙන්වන Software එකකුත් පුල්වන් නම් අනිවාර්යෙන්ම ඇතුලත් කරන්න.(ගොඩක් දෙනෙක් දැන් HSDPA Modem භාවිතා කිරීම සහ එමගින් බාවිතා කිරීමට සිදුවන අවම MB ප්‍රමානය අරපිරිමැස්සෙන් බාවිතා කිරීමට මෙය ඉතා පිටුවහලක් වන බැවින්)
03) TV Card සදහා TV බැලීම හා Radio ඇසීම දෙකම එකම මෘදුකාංගයක් මගින් සිදුකල හැකි Software එකක් ඇතුල් කරන්න.(කලින් සංස්කරනයේ තිබූ TVtime Television මගින් Radio අසීම සිදු කල නොහැකි බැවින්)
04) GNOME MPlayer එක ඇතුලත් කරන්න.(බොහොමයක් Format වැඩකරන නිසා)
05) පුලුවන් නම් Nero Express ඇතුලත් කරන්න.(බොහෝ දෙනෙක් භාවිතා මෙය බාවිතය)

Roshan said...

හරියටම කිව්වොත් Amila Udayanga ට තියන ගැටලුවමයි. මටත් තියෙන්නෙ.
Terminal එකේ මේම විධානය ඇතුලත්

gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules

2. Copy and paste below rule & save it.

SUBSYSTEM=="usb",
SYSFS{idProduct}=="1446",
SYSFS{idVendor}=="12d1",
RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

3. After Reboot It will detect as a modem.

කරාම වැඩ කරනව.(Internet Browsing පුලුවන්) හැබැයි Restart කරල ආපහු Connect කරාම Connect වෙනව. Browsing බෑ. ආපහු කලින් Command ටික Paste කරල Save කරල Connect කරාම Brows කරන්න පුලුවන්.හැමතිස්සෙම මේක කරන්න වෙනව. මම Blog එකක දැක්ක ඒකට මම කලින් Post එකේ දාපු Link එකේ Software එක Install කරල
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules
වල ඉහත Command ටින දීල Save කරාම මේ ප්‍රශ්නෙ නෑ කියල.ඒත් ඒක Install කරනකොට මොනවද නෑ කියල Install කරන්න දෙන්නෙ නෑ.අලුත් සංස්කරණයේ මේ පිලිබද අවධානය යොමුකර කොහොම හරි මේ ගැටලුවට විසදුමක් දෙන්න.
Please.....

Kumara said...

ඉතාම සුභ ආරංචියක්. LankaNet.org Linux 1,2 මම පාවිවිච්චි කලා. ලිනක්ස් ගැන අඩු අවබෝධයක් තිබූ මගේ ගැටලු රාශියක් එය විසදුවා.වෛරස් ප්‍රශ්නය එයින් එකක්.වයින් හරහා ලිනක්ස් ගොනු වලට හානි කිරීමේ හැකියාව ගැන ටිකක් සදහන් කරන්න. VirtualBox හරහාත් මෙම අවදානම තිබෙනවාද? හැකිනම් මෙම මෘදුකාංගත් නව වෙළුමට ඇතුල් කරන්න.
JDownloader,MonoDevelop,Genome Subtitles,Hydrogen,pencil,Free Mind හා හාගත කිරීමට අපහසු විශාල ගොනු සහිත මෘදුකාංග වල නව සංස්කරණ ඇතුල් කිරීමට හැකිනම් ඉතාම මන්දගාමී අන්තර්ඡාල වේගයක් ඇති මට සහ අන්තර්ඡාල සබදතා නැති මගේ යහළුවන්ට ප්‍රයෝඡනවත් වේවි. ස්තූතියි.

Kumara said...

vodafone-mobile-connect_1.99.17-8_all.deb නම් mobile partner සදහා ඒ හා සමාන foss විකල්පයක් ලගදි ලැබුනා.නමුත් මගේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා ස්ථාපනයට ඉඩ ලැබුනේ නැහැ.සමහරැන්ට වැදගත් වේවි.

Unknown said...

@Kumara
බොහොම ස්තූතියි! තව තියෙනවනම් කියන්න..

Unknown said...

@ roshan
දැන් නියමෙට වැඩ කරනවා. අරගෙන බලන්න