Monday, March 22, 2010

Bleeding Edge සමගින් උබුන්ටු ජීවිතය පහසු කරගමු!

තමන්ට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කරගන්න විට නොයෙක් Repositories එකතු කරගැනීමට අමුතුවෙන් මහන්සි වෙන්න සහ කාලය වැය කරන්න වෙන එක Ubuntu පාවිච්චි කරන සැමටම තියෙන පොදු ප්‍රශ්ණයක්.
ලංකානෙට් ලිනක්ස් එකේ නම් එච්චර වධ විඳින්න නොවුනත් Ubuntu අරගෙන පාවිච්චි කරන අයට ඒක ඇත්තටම වඳයක්.
ඒත් අද මම හඳුන්වලා දෙන shell script එකෙන් මේ හැම දෙයක්ම කජු කනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන්. ඕනම විධියක පරිගණක පරශීලකයෙකුට වුවත් මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේක හරියට මම කලින් හඳුන්වා දුන්න EasyLife for Fedora වගේම එකක්.

Skype, Multimedia codecs/Players, Google earth, Flash player, Java, Hulu, k3b මෙයින් ස්ථාපනය කරගන්න පුළුවන් ලැයිස්තුවෙන් කිහිපයකි.

ස්ථාපනය කරන්න අපහසු මෘදුකාංග මේකෙන් ලේසියෙන්ම දාගන්න පුළුවන්.

උපදෙස් සහ රූප සටහන් බලන්න:
1. මෙතනින් ඒක ගන්න (34.5KB පුංචි ගොනුවක්)
2. දැන් එම ගොනුව උඩ Right click කරන්න
3. දැන් එය executable එකක් කරන්න.
4. දැන් එම ගොනුව Double click කර Run බොත්තම ඔබන්න
5. දැන් OK බොත්තම ඔබන්න
6. දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගය හෝ පහසුකම ලැයිස්තුවෙන් තෝරාගෙන Ok බොත්තම ඔබන්න. (ඔබට මෙතනදී අන්තර්ජාලය අවශ්‍ය වෙනවා)
බලන්න ඒක කොච්චර ලේසිද කියලා? වයස අවුරුදු3ක ළමයෙක්ට වුනත් කරන්න පුළුවන්!

9 comments:

Unknown said...

උබුන්ටු ට්වේක් වලිනුත් ඕක කරන්න පුලුවන් නේද? හැබැයි මේ වගේ light weight එකක් නම් නෙමේ :)

budhajeewa said...

මෘදුකාංග ස්ථාපනය කිරීම වගේ දෙයක් කරගන්න මේ වගේ එතරම් ප්‍රසිද්ධ නැති මෘදුකාංගයක් පාවිච්චි කරනවට වඩා UbuntuTweak පාවිච්චි කරන එකයි මම නම් අනුමත කරන්නේ.

Unknown said...

@ Budhajeewa
මේක ඇතුලේ මොනවද ලියලා තියෙන්නේ කියලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ නිසා මෘදුකාංග ස්ථාපනය කිරීමට අවදානමක් නැහැ. තාම මේක අළුත්. ටික දවසක් ගියහම මේක UbuntuTweak වගේ මිනිසුන් අතරට යාවි. script එක කියෙව්වහම ඔන කෙනෙක්ට මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා හොඳ අවබොධයක් ගන්න පුළුවන්. ඒ නිසා මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

budhajeewa said...

@Tharaka Weerasekara:
මේ මෘදුකාංගය විසින් නරකක් කරන්නෙ නෑ කියමුකො. ඒත් මේ මගින් මෘදුකාංග ලබාගන්නා තුන්වැනි පාර්ශවික රෙපොසිටරීස් විශ්වාස කරන්න පුළුවන්ද?

Anonymous said...

ඔයා උබුන්ටු වල ඩයලොග් ඉන්ටනෙට් සෙටින් හදන විදිය දන්නවද මට පුලුවන්නම් help danna nadun@anuradhapurazone.tk

chathun said...

මම Computer ඒෙක් තිබනු Windows xp අයින් කරල Lankanet linux install කරා කලින් Fedora use කරල තිබුනු නිසා Install කරද්ිදි අවුලක් වුෙන් නැහැ ඊට පස්ෙස lankanet වල තිෙයන sun Virtual box ඒෙකන් Windows xp install කලා මටත් ඔන Windows වලින් අයින් ෙවලා Open source User ෙකෙනක් ෙවන්න Windows Xp ෙදවනි තැනට දැමිෙම මෙග් CDMA phone (Huawel ETS 2252+) ඒක Ubuntu ඒක වලින් Internet Connect
කරන්න කමයක් ෙහායා ගන්න බැරි වුනු නිසා දවසක් විතර Lankanetlinux Use කරා VLC media player ඒෙකන් Mp3 ඒකක් play කරන්න ලැබුෙන ඒක පාරයි ඊට පස්ෙස VLC media player ඒක ෙකාචීචර Open කරත් Open වුෙන් නැහැ sun Virtual box ඒකටත් ෙමී වැෙඩිම වුනා Computer ඒක Restart කලත් ෙමීක හරි ගිෙය් නැහැ මම Use කරන්ෙන Root account ඒක System restore කරන විදියක් ෙහවීව ෙහවීවට ෙහායා ගන්න ලැබුන්නෑ Fedora වලත් දවසක් ෙමීක වුනා ඒ්න Restart් කරහම හරි ගියා ෙමීක හරි ෙනාගිය නිසා අාෙයත් Lankanet අයින් කරල Windows xp දැමිම අැයි ෙමි Linux operating System වල Applications හිර ෙවන්ෙන ඒව අාෙය වැඩ ෙනාකරන්නම ෙමිකත් Windows වෙග් අාෙය Restore කරන්න බැරිද? Please ෙමිකට විසඅුමක් ෙදනවද?

Unknown said...

@නදුන්
තරහා නැතිව ඔයා පාවිච්චි කරන මොඩම් එක මොකක්ද කියලා මට කියනවද? ඒවගේම connection package එක මොකක්ද කියලත්? (prepaid/postpaid)

@chathuranga
මට විස්තර ඇතිව වෙච්ච දේ කියනවද?
දැනට කිසි කෙනෙකුට මේ ප්‍රශ්න ඇතිවෙලා නෑ. මම කොච්චර පරීක්ෂා කළත් කිසිම අවුලක් නෑ. සාමාන්‍යයෙන් මේක release කරන්න කලින් කිහිප වතාවක් අපි පරීක්ෂා කරලයි නිකුත් කරන්නේ. දැන් ඔයාගේ ගැටළුව නිසා මම නැවත වතාවක් බැලුවා. ඒත් මුකුත් වුනේ නෑ.

ඔයාගේ පරිගණකයේ Ram කොච්චර තියෙනවද?
Processor Speed?
Hard disk space allocated for LankaNet Linux?
මට මේවා හැකි ඉක්මනින් දැනුම් දෙන්න.
සාමාන්‍යයෙන් 512Ram සහ 8gb Hdd space and 1.8Ghz processor මේකට අවශ්‍යයි.

chathun said...

Ram 1024GB *2
Hard disk 320GB
/Root 25 GB
Swap 4096 MB
Boot 500 MB
Processor Speed-2.5GHZ,E5200 pentium(R) Dual-core



මට තියෙන ගැටලුව මුලින් වැඩ කරපු Software's පස්සෙ වැඩ නොකරන එකයි(VLc,Sun virtual box, wine windows programs loader)
‍Ubuntu System එක Restore කරන්න පුලුවන් ද? Sun virtual box Software එක Run කරහම System monitor එකේ ඒක පෙන්නනව ඒත් Software එක Display වෙන්නෙ නැහැ Kill proses කරල ආයෙත් Run කරහම කලින් වගේම වෙනව දෙතුන් වතාවක් Restart කරල බැලුවත් හරි ගියේ නැහැ

Unknown said...

@Nadun

1. right click on the Network icon on the top panel bar (near the clock) and choose Edit Connections
2. select mobile broadband tab
3. Click add button
4. Select "Dialog"
and that's all!
මට මොඩම් එකක් තිබ්බනම් මේක කරලා screen shots දාන්න තිබ්බා.