Fedora 11 පාවිච්චි කරලා ඇතිවෙලා මට හිතුනා රාජකාරි ලැප්ටොප් එකට Fedora 13 දාගත්තොත් හොඳයි කියලා. ඒක එහෙම කරන්න හේතු කිහිපයක් තිබ්බා.
එකක් මගේ ලැප්ටොප් එකේ Bluetooth device එක fedora 11 එක්ක හරියට වැඩ කරන්නේ නෑ. ඒවගේම මගේ Nokia ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට යාමට අවහිරවෙන නොයෙකුත් ගැටළු තිබ්බා. (ගෙදරදී අන්තර්ජාලයට යන්නේ ජංගම දුරකථනය සම්බන්ධ කරලයි.)
Triple boot විධියට පාවිච්චිකළ MS Windows Vista, fedora 11 සහ ලංකානෙට් ලිනක්ස් 1 (උබුන්ටු 9.04) අතරින් MS Windows Vista ඉතිරි කර අනිත් දෙන්නාව ඉවත් කළා. එහෙම කරන්න Ranish Partition manager software එක පාවිච්චි කලා. ලැප්ටොප් එකත් එක්කම ආව නිසා Vista එහෙම්මම තිබ්බා. Ubuntu පසුව දාගන්න ඉඩ තිබ්බා.
ඔන්න ඉතිං fedora 13 installation එක පටන් ගත්තා. මට අවශ්‍ය විධියට partition හදාගෙන, ඒවගේම මට අවශ්‍ය software තෝරා බේරා ගෙන වැඩේ ඉක්මනින්ම ඉවර කර ගත්තා.
Bluetooth icon එක panel එකේ පෙන්වන්න ගත්තාම මට හරිම සතුටක් දැනුනා. එය හරහා ජංගම දුරකථනයට file එකක් යවා එහි ක්‍රියාකාරීත්වය සාරථකව සිදුවෙන බව සොයා ගත්තා. ඒ වගේම panel එකේ ඇති NetworkManager icon එක click කර ලේසියෙන්ම wireless narrowband connection එක සකස් කරගත්තා (Nokia phone එක භාවිතයෙන්). අන්තර්ජාලයත් ඒ හරහා වැඩ කලා. ඉන්පසු හැකි ඉක්මනින් එය විසන්ධි කර office එකේ Network එකට එකතු වුනා. නැත්නම් phone bill එක ගෙවන්න ඉඩකඩම් උගසට තියන්නවෙයි.
ඉන්පසු Easylife දාගෙන එය හරහා අවශ්‍ය Multimedia codecs ඇතුලු අනෙකුත් මෘදුකාංග කිහිපයකුත් දාගත්තා. මගේ මූලික අවශ්‍යතාවයන් දැන් හරි.
දැන් මේකෙ මොනවද අළුතෙන් තියෙන්නේ?
1. Deja Dup Backup tool එක තමන්ගේ ගොනු සුරක්ෂිත කරීමේ පහසුව සඳහා ඇත.
2. Printer කිහිපයක් ඔබ භාවිතා කරනවානම් ඒ සඳහා වෙනවෙනම drivers install කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී printer ඉතා පහසුවෙන් ක්‍රියා කරයි.
3. Scanner සඳහා ඉතා සරල ඒවගේම පහසු simple scan නම් මෘදුකාංගයක් හඳුන්වා දී ඇත.
4. Nvidia Graphic cards සඳහා දැන් වඩාත් හොඳින් සහය දක්වයි. එයට අවශ්‍ය ලිනක්ස් සඳහාම සැකසූ driver එකක් ඇතුලත් කර ඇත.
5. Btrfs මගින් පරිගණකය කලින් තිබුන තත්වයට ආපසු යවයි. එය rollback මෘදුකාංගයක් නැත්නම් Windows restore utility එක හා සමාන යැයි සරලව කිව හැක.
6. Gimp ඇත. උබුන්ටු 10.04 එකෙන් Gimp හැලුවට Fedora එකේ තාම ඒක තියෙනවා.
Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Sunday, June 20, 2010
Thursday, June 10, 2010
මගේ බ්ලොග් අඩවිය දැන් දෙමළ භාෂාවෙනුත් බලන්න පුළුවන්!
දෙමළ භාෂාව භාවිතා කරන මිතුරු මිතුරියන් සඳහා දැන් මගේ බ්ලොග් අඩවිය දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත. ඉදිරියේදී මෙහි පළවන සෑම ලිපියක්ම ඒ අනුව දෙමළ භාෂාවට පරිවර්තනයවේ.
දැන් මේ අඩවිය නිතර බලන ඔබට හිතෙනවා ඇති මම දෙමළ දන්නවා කියලා. (අනේ මම එච්චර පොරක් නෙවෙයි.) මේ සඳහා නොමසුරු සහය මට දෙන්නේ අපේ ආයතනයේ නන්දනී සහෝදරියයි. ඇය නැත්නම් මේ වැඩේ කොහොමටවත් කරන්න විධියක් නැහැ. ඉතින් ඇයට ගොඩක් ස්තූතියි! පින්!!
මෙන්න ඒ බ්ලොග් එක:
http://nandani.lankanet.org

Tuesday, May 11, 2010
LankaNet.Org Linux v.2 screen shots
Sinhala unicode support. මෙහිදී ඔබට සිංහල ක්‍රියාත්මක කිරීමේදී bash ගොනුව සහ Startup Applications list එක සකස් කිරීමට අවශ්‍ය නොවේ. එය අප විසින් පෙරනිමියෙන්ම සකස්කර ඇත.Wednesday, April 21, 2010
Avast antivirus for Linux භාවිතා කරන්නෙනි. මෙය දැනගන්න!
මෙච්චර කාලයක් හොඳින් ක්‍රියාකල ඔබේ Avast මෘදුකාංගය දැන් මෙම error එක පෙන්වනවාද?

Avast antivirus විවෘත කරගන්නම බැහැ නේද? මට එහෙම වුනා. මේක කොහොමද නිවැරදි කරගන්නේ???? මේ ගැන අන්තර්ජංජාලයේ සොයන්න ටිකක් කරදර වුනා. ඒත් දැන් වැඩේ හරි! ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්. (හැබැයි අලුත් ලිනක්ස් kernel භාවිතා කරන අයට මෙහෙම වෙන්නේ නෑ!)
Redhat/Fedora ලිනක්ස් භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න
Applications-> System Tools-> Terminal හෝ Applications-> Accessories-> Terminal
2. දැන් root පරිශීලකයා විධියට ඇතුල්වන්න මෙසේ කරන්න
විධානය: su - (Enter යතුර ඔබන්න ඉන්පසු rootගේ password එක දෙන්න)
3. මෙම විධානය දෙන්න:
gedit /etc/rc.local (Enter යතුර ඔබන්න)
4. දැන් gedit text editor එක විවෘතනවේ.
5. දැන් එම ගොනුවේ අගට පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)
echo 128000000 >/proc/sys/kernel/shmmax
6. දැන් එම ගොනුව save කර close කරන්න.
7. ඔබේ පරිගණකය දැන් restart කරන්න.
දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.
Ubuntu/LankaNet.Org/Debian භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න
Applications-> Accessories-> Terminal
2. මෙම විධානය දෙන්න:(වරද්දගන්න එපා!)
sudo gedit /etc/init.d/rcS (Enter යතුර ඔබන්න ඉන්පසු ඔබේ password එක දෙන්න)
3. දැන් එම ගොනුවේ පහත සඳහන් පේළිය සොයාගන්න
exec /etc/init.d/rc S (exec මුලට තියෙන පේළිය සොයාගන්න)
4. දැන් එම පේළියට වහාම ඉහලින් පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)
echo 128000000 >/proc/sys/kernel/shmmax
5. දැන් එම ගොනුව save කර close කරන්න.
6. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

Tuesday, April 6, 2010
LankaNet.Org Linux v.2 ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න!
දයාබර මිතුරු මිතුරියනි!
ඔබට ලංකානෙට් ලිනක්ස් අන්තර්ජාලය හරහා ලබාගත නොහැකිනම් පහත සඳහන් ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවා ලංකානෙට් ලිනක්ස් පිටපතක් නොමිලේම ගෙදරට ගෙන්ව ගන්න.
අපේ රටේ අධිවේගී narrowband Internet connection පාවිච්චි කරන ඔබ සඳහාම මෙය තැපෑලෙන්ම ගෙදරට එවනවා. අදම ගෙන්ව ගන්න! Download කරගන්න බැරි අය සඳහාමයි!
lankanet@slt.lk

Monday, March 22, 2010
Bleeding Edge සමගින් උබුන්ටු ජීවිතය පහසු කරගමු!
තමන්ට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කරගන්න විට නොයෙක් Repositories එකතු කරගැනීමට අමුතුවෙන් මහන්සි වෙන්න සහ කාලය වැය කරන්න වෙන එක Ubuntu පාවිච්චි කරන සැමටම තියෙන පොදු ප්‍රශ්ණයක්.
ලංකානෙට් ලිනක්ස් එකේ නම් එච්චර වධ විඳින්න නොවුනත් Ubuntu අරගෙන පාවිච්චි කරන අයට ඒක ඇත්තටම වඳයක්. ඒත් අද මම හඳුන්වලා දෙන shell script එකෙන් මේ හැම දෙයක්ම කජු කනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන්. ඕනම විධියක පරිගණක පරශීලකයෙකුට වුවත් මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේක හරියට මම කලින් හඳුන්වා දුන්න EasyLife for Fedora වගේම එකක්.
Skype, Multimedia codecs/Players, Google earth, Flash player, Java, Hulu, k3b මෙයින් ස්ථාපනය කරගන්න පුළුවන් ලැයිස්තුවෙන් කිහිපයකි.
ස්ථාපනය කරන්න අපහසු මෘදුකාංග මේකෙන් ලේසියෙන්ම දාගන්න පුළුවන්.
උපදෙස් සහ රූප සටහන් බලන්න:
1. මෙතනින් ඒක ගන්න (34.5KB පුංචි ගොනුවක්)
2. දැන් එම ගොනුව උඩ Right click කරන්න
3. දැන් එය executable එකක් කරන්න.
4. දැන් එම ගොනුව Double click කර Run බොත්තම ඔබන්න
5. දැන් OK බොත්තම ඔබන්න
6. දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගය හෝ පහසුකම ලැයිස්තුවෙන් තෝරාගෙන Ok බොත්තම ඔබන්න. (ඔබට මෙතනදී අන්තර්ජාලය අවශ්‍ය වෙනවා)
බලන්න ඒක කොච්චර ලේසිද කියලා? වයස අවුරුදු3ක ළමයෙක්ට වුනත් කරන්න පුළුවන්!

බලන්න ඒක කොච්චර ලේසිද කියලා? වයස අවුරුදු3ක ළමයෙක්ට වුනත් කරන්න පුළුවන්!Tuesday, March 2, 2010
LankaNet.Org Linux v.2 system requirements
මෙන්න ලංකානෙට් ලිනක්ස් සඳහා අවශ්‍යවන මූලික දෙවල්:
Processor: 1.8ghz
HDD: 10GB
Ram: 512
DVD එකේ තියෙන සියළුම මෘදුකාග ස්ථාපනය කිරීමට යන්නේ 6.5GB ඉඩක් පමණයි.
මතක තියාගන්න, root සහ ubuntuගේ password එක: lankanet
මෙහි පිටපත් හැකි තරම් බෙදා හරින්න.
Processor: 1.8ghz
HDD: 10GB
Ram: 512
DVD එකේ තියෙන සියළුම මෘදුකාග ස්ථාපනය කිරීමට යන්නේ 6.5GB ඉඩක් පමණයි.
මතක තියාගන්න, root සහ ubuntuගේ password එක: lankanet
මෙහි පිටපත් හැකි තරම් බෙදා හරින්න.
Subscribe to:
Posts (Atom)