Wednesday, February 24, 2010

ලෝකය උඩු යටිකුරු කරන්න 'SixthSense' technology

භෞතික ලෝකය හා පරිගණක ලෝකය එකිනෙක යා කරන අපූරු සොයා ගැනීමක් වන 'SixthSense' technology ගැන සමහර විට ඔබ අසා ඇති. නමුත් මෙය බොහෝ දෙනෙකුට තවමත් දැනගන්නට නොලැබුනු තොරතුරු තාක්ෂණික මෙවලමකි.

මෙහි ඇති වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ මෙය විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (Open Source) ලෙස නිකුත් කිරීමට නිර්මාණය කළ ප්‍රනාව් මිස්ත්‍රි (Pranav Mistry) තීරණය කර තිබීමයි. එය FOSS වලට ආදරය කරන අපි හැමෝටම සහ අපි වගේ දුප්පත්කම දුරලන්නට වෙරදරන රටවල්වලට මහත් උපකාරයක් වෙන බව සහතිකයි.

ඇත්තටම මෙම සොයා ගැනීම ලෝකය උඩුයටිකුරු කරන බවට අවිවාදයෙන් කිව හැකියි.


මම මෙය ගැන විස්තර කියනවට වැඩිය මෙම වීඩියෝ දර්ශනය බැලූවිට ඔබට මෙහි ඇති වැදගත්කම පැහැදිලි වේවි.

Friday, February 12, 2010

ලංකානෙට්.org ලිනක්ස් නිකුත් කිරීමට ලඟයි! ඔබේ උදව් ඕනෑ කර තිබේ!

දැනට 95% ක් පමණ නිම කර ඇති ලංකානෙට්.org ලිනක්ස් ගැන හෝඩුවාවන් මෙසේ දක්වමි. ඇතුලත්කල යුතු යැයි ඔබට හැඟෙන දෙයක් ඇතොත් වහාම මට දන්වන්න.

මෙම සංස්කරණයේ විශේෂ ගුණාංග කීපයක් ලෙස පහත දේවල් දැක්විය හැක.
  1. මෙය සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් පදනම් කර ඇත (පසුගිය සංස්කරණය SuperOs මත පදනම් වී ඇත)
  2. Antivirus මෘදුකාංග 3ක් ඇතුලත් කර ඇත (ස්ථාපනය කිරීමට අපහසු අය සඳහා ඇතුලත් කර ඇත)
  3. Wine සමග අත්‍යාව‍ශ්‍යවන dll/fonts/Runtimes ගොනු ඇතුලත් කර ඇති නිසා Windows මත වැඩ කරන මෘදුකාංග මෙවර ඉතා පහසුවෙන් වැඩ කරයි
  4. Playon Linux ඇති නිසා Windows මත පමණක් ක්‍රියාකරන මෘදුකාංග සහ පරිගණක ක්‍රීඩා ඉතා හොඳින් වැඩ කරයි
  5. UBUDSL ඇති නිසා බහුතරයක් DSL modem සඳහා සහය දක්වයි

අළුතෙන් ඇතුලත් කර ඇති දේවල් කිහිපයක්


අධ්‍යාපනික:

  • Artha offline Dictionary
  • Kbruch
  • Kiten
  • Tuxmath
  • Gperiodic
  • Kalzium
  • Avogadro

කාර්යාලීය:
  • Openoffice.org සම්පූර්ණ වශයෙන්ම
  • Adobe Reader 9
  • Gnucash
  • Planner
  • Xchm

ආරක්ෂණ උපාංග:
  • Avast Antivirus
  • Bitdefender Antivirus
  • Lynix
  • rkhunter
  • chkrootkit
  • Clamav (KlamAv)

චිත්‍රපට නිපදවීම/සංස්කරණය:
  • Cinelerra
  • Avidemux
  • Kino

සජීවීකරණය Animation:
  • Blender
  • K-3d
  • Ktoon

සංගීතය, වීඩියෝ සහ විනෝදාත්මක:
  • Compiz-Fusion
  • Songbird
  • Mplayer
  • VLC
  • gdesklets
  • Cheese webcam
  • Audacity
  • Amarok
  • Real player
  • Tvtime

පද්ධති උපාංග:
  • Ubudsl
  • Virtualbox
  • Ubuntu Tweak
  • Virtual Machin Manager
  • Wine
  • Qemu
  • Iso Master
  • Gufw
  • Gparted
චිත්‍ර සහ ඡායාරූප:
  • Gimp
  • Inkscape
  • Dia
  • Skencil
  • Xsane
  • Fontforge

මීට අමතරව සිංහල යුනිකේත අකුරු, Wammu, Xgnokii, Skype, Empathy, FontForge සහ මධුර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයද ඇතුලත් කර ඇත.

Monday, January 25, 2010

LankaNet.org ලිනක්ස් නව සංස්කරණය ගැන

මේ පිළිබඳව කීප දෙනෙක්ම විමසූ නිසා ඊට අදාල තොරතුරු මෙසේ පළ කරමි. ඒ අතර ඔබගෙන්ද මට උපකාර අවශ්‍ය වී තිබේ.

නිතර අසන ප්‍රශ්න:

ලංකානෙට් ලිනක්ස් අළුත් සංස්කරණයක් නිකුත් කරන්නේ කවදාද?

ලංකානෙට් ලිනක්ස් නව සංස්කරණය මේ දිනවල මම සකස් කරමින් සිටිමි. ලඟදීම මෙය නිකුත් කරන අතර බොහෝවිට ලබන මාසයේදී නිකුත්වීමට නිකුත් කිරීමට ඉඩ තිබේ.

වෙනදා වගේම ඒකත් තැපෑලෙන් නොමිලේ එවනවද?

ඔව්. Download කරන්න හැකියාවක් නැති අයට නොමිලේම තැපෑලෙන් එවනවා.


අළුතෙන් සිංහල යුනිකෝඩ් අකුරු මේකත් එක්ක දෙනවාද?

කලින් එකේ වගේම හොයාගන්න පුළුවන් හැම එකක්ම මේකට ඇතුලත් කරනවා. ඒ වගේම ලංකානෙට් එකෙන් අළුතෙන් සිංහල යුනිකේත අකුරක් නිකුත් කරන්න මේ දවස්වල වෙහෙසෙනවා. ඒකත් බොහෝ දුරට මේකට ඇතුලත් වේවි.


මම ලිනක්ස් දන්නේ නැහැ. ඒත් භාවිතා කිරීමට තදින්ම අවශ්‍යවී තිබේ. උගන්වන්න පුළුවන්ද?

කැමතිනම් ලංකානෙට් ආයතනයේ පුහුණු පාඨමාලාවකට ඇතුලත්වෙන්න පුළුවන්.



ලංකානෙට්.org Linux භාවිතා කරන අයගෙන් සහ අනිත් හැමොගෙන්ම මට කුඩා උපකාරයක් ඕනෑකර තිබේ. එනම්,


1. එයට ඇතුලත්වීමට අවශ්‍ය නව මෘදුකාංග මොනවද?

2. වෙනස් කිරීමට ඇති දේවල් මොනවද?

3. ඉවත්කල යුතුයැයි යෝජනා කරන්නේ මොනවාද?

4. ඔබේ වෙනත් අදහස්...


මට මේ ගැන හැකි ඉක්මනින් තොරතුරු දෙන්න පුළුවන්නම් ඉතා හොඳයි. මේ බ්ලොග් එකේම උත්තර ලියන්න.

Wednesday, December 16, 2009

Download LankaNet.org Linux for free!

විශාල පිරිසකගේ ඉල්ලීමට අනුව ලංකානෙට්.ඕආර්ජී ලිනක්ස් 9.04 දැන් sourceforge.net එකත් සමග ලියාපදිංචි කර ඇත. අවශ්‍ය අයෙක් වෙතොත් පහත සඳහන් link එකෙන් download කර ගත හැක. අන් අයවත් මේ ගැන දැනුවත් කරන්න.

System requirements for installation:

Processor: Intel p3 1200MHz or higher
Memory: 384Mb

HDD: 20GB


Download size: 2.3Gb
Downlo
ad Link: (Click on the image)
https://sourceforge.net/projects/lankanetorg/files/LankaNetOrg.iso/download

Thursday, December 10, 2009

MS Excel 2007 සමග ඔබේ ජීවිතය..?? (අනිවාර්යයෙන් කියවන්න!)

ඔබ MS Office 2007 තවම භාවිතා කරන්නෙක්ද?
එය අනවසර පිටපතක්ද?
මුලින්ම නිකුත්වූ සංස්කරණයක්ද?
එසේනම් මෙය ඔබට ඉතා වැදගත්!


මම හුඟකලකට පෙර මේ ගැන කිහිප දෙනෙක්වම දැනුවත් කළා. ඒත් තාම Excel 2007 භාවිතා කරන අය සිටින නිසා මේ ප්‍රශ්නය ගැන දැනුවත් කරන එක වැදගත් කියා මා සිතමි.

Excel 2007 හි ගණනය කිරීම් සමහරවිට වැරදි පිළිතුරු දෙනබව ඔබ නොදන්නා කාරණයක් විය හැකියි. පහත රූපයේ ඇති ගණනය කිරීම් වලට අනුව ලැබී ඇති පිළිතුර ඔබ calculator එක භාවිතා කර හෝ කොළයක් හා පෑනක් භාවිතා කර සාදා බලන්න. සත්‍ය පිළිතුර 65535 වුවද Excel ලබා දී ඇත්තේ 100000 යන පිළිතුරයි.

ඔබ Excel 2007 භාවිතා කර, ඔබේ ආයතනයේ හෝ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරන්නෙක් නම් මෙහිදී ඇතිවන තත්වය ඔබට තේරුම් ගත හැකියි.


මෙහෙම කර බලන්න: =850*77.1 (දැන් enter යතුර ඔබා ලැබෙන පිළිතුර Enjoy කරන්න :-) ඒ වාගේම රූපයේ ඇති අනිත් ඒවාත් කර බලන්න.)

මෙම ප්‍රශ්නය විසඳීමට (bug fix එක ලබා දීමට) මයිකොසොෆ්ට් ආයතනයට මට මතක හැටියට මාස කිහිපයක් ගතවුනා. එතෙක්, එය මිලදී ගත් පාරිභෝගිකයන්ට කටවසාගෙන බලාසිටීමට සිදුවිය.

(හේතුව:
එම පාරිභෝගිකයින් මෘදුකාංගයේ වරදක් ඇතොත් නඩු නොදමා මුවින් නොබැණ කට වසාගෙන සිටීමට License Agreement එකේ හැටියට එකඟවී ඇත)

අනවසර පිටපත් භාවිතා කරන අයට update කිරීමට අව
ස්ථාව නොලැබේ. ඒ වෙනුවට අළුත් සංස්කරණය භාවිතා කිරීමට සිදුවේ.

(මා මේ ලිපියෙන් Microsoft ආයතනයට කිසිදු අපහාසයක් කිරීමට අපේක්ෂා නොකරමි. මෙය වැරැද්දක් පෙන්වීමක් පමණයි) :-)

Tuesday, December 8, 2009

Fedora 12 නොමිලේ දෙනවා!

සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි! (මුල සිට අගට කියවන්න)
මෙවරත් ලංකානෙට් එකෙන් Fedora නොමිලේම ගෙදරට තැපැල් කරලා එවනවා.

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:


1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html

fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

LankaNet.org 9.04 ලිනක්ස් ඕන අය සහ තවම ඒ ගැන දන්නේ නැතිඅය ඉන්නවනම් මේක බලන්න (නොමිලේ ඒකත් ගෙදරටම එවනවා):
http://tharaka-lankanet.blogspot.com/2009/09/blog-post.html

Thursday, November 12, 2009

ලිනක්ස් සඳහා Bitdefender Antivirus නොමිලේ ගමු.

අද මම හඳුන්වා දෙන්නේ ලිනක්ස් සඳහා ඇති හොඳ Antivirus software එකක් ලෙස සැලකිය හැකි නොමිලේ දෙන Bitdefender for Unices මෘදුකාංගයයි. එය ස්ථාපනය කරන ආකාරයද රූප සටහන් මගින් දක්වමි.

වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකර බැලීම
ට සහ වයිරස් ඉවත් කිරීමට හොඳ Antivirus එකක අවශ්‍යතාවය ඔබට දැනී ඇත. නමුත් බොහෝවිට ලිනක්ස් පාවිච්චි කරන්නේ නම් Antivirus එකක් අවශ්‍ය නොවුනත් වයිරස් ආසාදිතවී ඇති ගොනු සහ pendrives පිරිසිදු කිරීමට ලිනක්ස් මාධ්‍ය කරගත් Antivirus software එකක් භාවිතා කළ හැකිනම් එයින් ඇති වන වාසි කිහිපයක් ඇත. එනම්,

1. ආසාදනය වී ඇති ගොනු සහ pendreives මගින් ලිනක්ස් පරිගණකයකට හානි සිදුවීම අවම වීම
2. ඉතා ඉක්මනින් සහ අවම වෑයමකින් වයිරස් ඉවත් කළ හැකි වීම

3. ලිනක්ස් තුල සම්පූර්ණ පාලනය තමන් සතුවීම. (ආසාදිත ගොනුවක් වින්ඩෝස් මතදී මකා දැමීම අපහසු වුනත් ලිනක්ස් තුලදී පහසුවෙන් කළ හැක)
4. Antivirus මෘදුකාංග කීපයක් වුවත් ලිනක්ස් තුල ස්ථාපනය කළ හැකිවීම සහ වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකිරීම එම Antivirus මෘදුකාංග සියල්ලෙන්ම කළ හැකිවීම

ස්ථාපනය කරගන්නා ආකාරය:


1. Bitdefender Download කර ගැනීමට පහත link එකට යන්න.
Form එක පුරවා යවා තමන්ගේ ලිනක්ස් distribution එකට අදාල installation file එක බාගත කරගන්න.

http://www.bitdefender.com/PRODUCT-80-en--BitDefender-Antivirus-Scanner-for-Unices.html


2. එම බාගත් ගොනුව තමන්ගේ Desktop එකේ තැන්පත් කරගන්න

3. දැන් terminal එක විවෘත කරගන්න (ඒක කරන්නේ මෙහෙමයි: Applications->Accessories->Terminal නැත්නම් Applications->System Tools->Terminal)

4. දැන් මෙම විධාන දෙන්න ඉන්පසු Enter යතුර ඔබන්න



උබුන්ටු/ලංකානෙට් ලිනක්ස් සඳහා විධාන:

cd Desktop (දැන් Enter ඔබන්න)

sudo sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක
එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න. (දැන් Enter ඔබන්න)

Fedora/RedHat/CentOS සඳහා විධාන:
terminal එකට ගොස් පහත විධාන දෙන්න:
su -

දැන් ඔබේ root password එක දෙන්න


දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:
cd /home/ඔබේ username එක/Desktop/

උදාහරණයක් ලෙස: cd /home/tharaka/Desktop/

දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:

sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න.

5. දැන් ස්ථාපනය ආරම්භවීමට ප්‍රථම, License Agreement එක පෙන්වයි. එ
හි අවසාන පේළියට යෑමට Space key එක කිහිප වරක් ඔබන්න.

6. අවසාන පේළියට ආවිට accept ලෙස type කර enter key එක ඔබන්න. එයින් කෙරෙන්නේ, ඉදිරිපත්කර ඇති licese ageement එක අප පිළිගන්නා බව ප්‍රකාශ කිරීමයි. ඉන්පසු y අකුර type කර Enter යතුර එබූවිට ස්ථාපනය වීම සම්පූර්ණවේ.

7. දැන් ස්ථාපනය වී ඇති Bitdefender විවෘත කරන්න:
Applications->System Tools->Bitdefender Scanner


8. ඔබ නොමිලේ ලබාගත් serial number එක paste කරගන්න (Bitdefender අඩවියට පහත දැක්වෙන රූපයේ ආකාරයට click කර යන්න)

සැළකිය යුතුයි:
මතක ඇතිව Update කරගන්න. දැන් ඔබේ සහ මිතුරන්ගේ ආසාදිත files සහ pendrives පිරිසිදු කරන්න පටන් ගන්න. අඹිලිපිටියේ පැවැත්වූ සම්මණ්ත්‍රණයේදී කිහිප දෙනෙක්ගේ ආසාදිත Pendrives මම මේ ආකාරයට සනීප කළා.

මෙන්න මම Anitivirus software 4ක් පාවිච්චි කරන හැටි:ඒවානම්:
1. Avast
2. Bitdefender
3. ClamAv with KlamAV gui
4. Avg command line Anti-Virus scanner