Wednesday, September 16, 2009

ලංකානෙට් එකෙන් අංග සම්පූර්ණ ලිනක්ස් එකක්!

ඔන්න මම පුංචි වැඩක් කළා. වැඩේ පුංචිද ලොකුද කියන එක ඔබට බාරයි. ඒත් එය කියන්න කලින් අපි ලිනක්ස් පාවිච්චි කරන අයට තියෙන පොදු ප්‍රශ්ණ කිහිපයක් බලමු:

  1. මෘදුකාංග ස්ථාපනය කරගන්න අන්තර්ජාලය (අන්තර්ජංජාලය) අවශ්‍යවීම.
  2. ලිනක්ස්වල multimedia codecs අඩංගුනොවීම සහ ඒවා දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම
  3. අපට අවශ්‍ය සෑම දෙයම ඇති අංග සම්පූර්ණ ලිනක්ස් එකක් සොයා ගැනීමට නොහැකි වීම
  4. උබුන්ටු සඳහා සිංහල යුනිකේත සහය දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම සහ එය නවකයින්ට අසීරුවීම
  5. අවශ්‍යවිටක MS Windows මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ස්ථාපනය අපහසු වීම (උදා: මධුර සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය)

ඉතිං මේ ප්‍රශ්ණ සියල්ල සැළකිල්ලකට ගෙන ලංකානෙට් එකේ අපි, Ubuntu ආශ්‍රයෙන් නිපදවා ඇති SupeOSඑක අපිට ඕන විධියට, ඒ කියන්නේ ලංකාවට ගැලපෙන විධියට සකස් කළා. මේක පුළුවන් තරම් අපට නිතර අත්‍යවශ්‍ය වන මෘදුකාංග එකතු කරලා තමයි හැදුවේ. අපි මෙතනදී සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් කෙරේ වැඩි අවධානයක් යොමු කළා.
මේක ඇත්තටම අංග සම්පූර්ණයි කියන්න පුළුවන්. අඩුපාඩු ඇතොත් මට දැනුම් දෙන්න. මේක ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. දැනටමත් කිහිපදෙනෙක්ට අපි මේක දීලා තියෙනවා. ඒ හැමෝම මේක ගැන සෑහීමකට පත්වෙලා තියෙනවා. සමහර වින්ඩෝස් පරිශීලකයන් එය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැර අපි සකස්කළ මෙම ලිනක්ස් එක භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා.

LankaNet.org 9.04 ලිනක්ස්හි ඇති විශේෂ ගුණාංග:

  1. මෙය තුල ඕනෑම වර්ගයක multimedia ගොනු (mkv ද ඇතුළුව!) භාවිතා කළ හැක.
  2. Openoffice.org සම්පූර්ණ වශයෙන් අඩංගුකර ඇත.
  3. Virtualizationසඳහා පහසුකම් සියල්ලම ඇත. (Qemu සහVirtualBox)
  4. පැරණි MS Dos යටතේ ක්‍රියාත්මක වන මෘදුකාංග භාවිතා කල හැක. (මතකද පරණ කේන්දර බලන මෘදුකාංගය? මතකද පරණ MS Windows 3.1? මේ ඔක්කොම මේකෙ වැඩ කරනවා!)
  5. Graphic designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (හැබැයි open source!)
  6. Video editing and 3D Animation සඳහා සියලුම මෘදුකාංග ඇත.
  7. Audio editing සඳහා සියලුම මෘදුකාංග ඇත.
  8. Software Development, And web development/designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (NetBeans IDE ඇතුළුව)
  9. අමතර සිංහල යුනිකේත අකුරු සහ සිංහල යතුරු ලියනය කිරීමේ පහසුව
  10. CD/DVD සකස් කිරීමට අත්‍යවශ්‍ය plugins ඇතුලත් කල K3B (දැන් Neroගෙ කාලෙ නෙවෙයි)
  11. ආරක්ෂණ උපාංග ලෙස Clam Anti virus, rkhunter සහ chkrootkit ඇතුලත් කර ඇත
  12. නොමිලේ දෙන්නේ! :-)


පහත තියෙන්නේ ඇතුලත් කරන ලද අමතර මෘදුකාංග ලැයිස්තුවයි. හැබැයි මම ඔක්කොම මෙතන සඳහන් කරලා නැහැ.
http://www.lankanet.org/eye/list.html

ඕන කෙනෙක් ඉන්නවනම්:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල

දුරකථන:
0112726340

Thursday, September 3, 2009

Fedora 11 නොමිලේ දෙනවා!

Fedora 11 request form is now open for September!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

Monday, August 31, 2009

බැංකුවේ ATM යන්තරේටත් වෛරස් ඇවිල්ලා!!

කාඩ් එක දාන්නේ බලාගෙනයි!
මගේ ඊජිප්තු ජාතික මිතුරකු වන Samer Azmyට මෙහෙම අත්දැකීමක් වෙලා තියෙනවා. අපේ රටේ හුඟක් බැංකුවලත් ATM යන්තරවල පාවිච්චි කරන්නේ MS Windows. මං හිතන්නේ ඒක හැමෝම වගේ දැනගත යුතු කාරණයක්. පහත තියෙන screen shots වලින් වැඩේ හොඳට බලාගන්න පුළුවන්. මොකද මේවා හැමදාම දකින්න ලැබෙන්නේ නෑ. ඉතිං මම කියන්න හදන්නේ අපි කොච්චර අවදානමකද ඉන්නේ මේ වගේ ප්‍රශ්ණ ඇතිවෙනකොට? හිතලා බලලා අදහස් ලියන්න. (කොච්චර හොඳ anti virus software එකක් දැම්මත් ගැලවිල්ලක් නෑ) මගේ මිතුරා කියන්නේ මේකට එකම විසඳුම Linux භාවිතය කියලයි. ඔහු ඒකට උදව් කරන්නත් ලෑස්තියි. මාත් එහෙමයි හිතන්නේ. ඔබ හිතන්නේ???

Friday, August 7, 2009

නියම මෘදුකාංග නොමිලේ දෙනවා! Original software for free!

මේක අද මට ලියන්න හිතුනේ වින්ඩෝස් පාවිච්චි කරන මිතුරන්හට පොඩි සහනයක්වේවි කියලා හිතුන නිසයි. නැතුව මේ සේවාව සපයන්නන් හෝ MS Windows මුරුංගා අත්තේ තියන්න හිතාගෙන නෙමෙයි.

මේ වෙබ් අඩවිය පැය 24කට වරක්, විකිණීමට ඇති මෘදුකාංගයක් නොමිලේ දෙනවා. හැබැයි ඒ පැය 24 ඇතුලත එම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ. නැත්නම් නොමිලේ පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ කාල සීමාව තුල ස්ථාපනය කරගත්තොත් එම මෘදුකාංගය මිලදීගත්ත එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං මේ වෙබ් අඩවිය එක එක දවසට එක එක මෘදුකාංග දෙනවා. සමහර දවස්වලට මෘදුකාංග දෙකක් දෙන වෙලාවලුත් තියෙනවා. ගිහිල්ලාම බලන්න මෙන්න මෙතනට

www.giveawayoftheday.com

මේ අඩවිය වයිරස් සහ අනෙකුත් විනාශකාරී දේවල් වලින් තොරයි. බය නැතුව ගිහින් බලන්න. මේ අඩවිය මෘදුකාංග නිපදවන සමාගම්වල අනුමැතිය ඇතිවයි මේක කරන්නේ. ඒ නිසා ඔබව copyright (මෘදුකාංග වංචාවන්) වැනි ප්‍රශ්ණ වලට ලක්වෙන්නෙ නැහැ.

Monday, July 20, 2009

ඇයි Linux සහ open source software පාවිච්චි කරන්නේ? මේකයි...

හොරකම... (ඔන්න මාව පුළුවන්නම් බයිට් එකට ගන්න)

වින්ඩෝස් කොපියක් දාගෙන එහෙන් මෙහෙන් හොයාගත්ත මෘදුකාංග ටිකකුත් දාගත්තාම ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා ඔබ මගෙන් අසාවි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න, ඔබ කරන්නේ හොරකමක් නේද? හොරකමක් කොහොමද සිම්පල් වෙන්නේ? අල්පෙනෙත්තක් හොරකම් කලත් බැංකුවක් කැඩුවත් හොරකම හොරකමමයි නේද?


අනාරක්ෂිත බව... (ඔහොම්මම පිටිපස්ස හැරිලා බලන්න කවුද ඉන්නේ කියලා)

අපිට නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න ලේසි නෑ. email එකක් open කරන්නත් බෑ. LTTE කොටින්ට හපන් මේ අන්තර්ජාලයේ ඉන්න ත්‍රස්තයෝ. පොඩ්ඩ එහා මෙහා වුනොත් ඉවරයි. පරිගණකය format කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ, නැත්නම් වැඩ කරන්න විදියක් නෑ. මේකෙ ඇතුලෙ මොකා රිංගන් ඉන්නවද කවුද දන්නේ? virus, spyware, malware, ransomeware, adware තව key loggers හපොයි!! මේවයින් බේරෙන්න කොච්චර Anti-virus සහ තවත් දේවල් දාගත්තත් ලේසි නෑ. කරදරේ ඉවර වෙන්නේ නෑ. පුද්ගලිකත්වයට ඉතිං දෙයියන්ගේම පිහිටයි! (අපෝ! Anti-virus එකයි අර protection software එකයි මේකයි දා ගත්තාම මැෂිම අම්බානකට slow වුනා නේද??)


ගැලවිල්ල.... (මෙතනදී මාව පට්ට ගහන්න)

අත මිට සරුද? එහෙනම් ඇයි මෘදුකාංග හොරකම් කළේ? ජොලියට? වියදම් කරන්න ලෝබකමටද? ලැජ්ජ නැද්ද?? ගන්නකො නියම විදියට රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඔය අවශ්‍ය කරන මෘදුකාංග ටික! කාටද ආඩම්බර!! ඒත් බැරිද? එහෙනම් open source software පාවිච්චි කරන්න. බෑ කියලා නිකං ඉන්න එපා ටිකක් මහන්සි වුනොත් වැඩේ කරන්න පුළුවන්! මාත් පාවිච්චි කරනවා. මට අවශ්‍ය දේවල් ඔක්කොම මේවයින් තමයි කර ගන්නේ.
Anti-virus දැම්මෙ නැද්ද? OS එක Gnu/Linux නේද? එහෙනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඇයි? Virus වලින් Linux පරිගණකයට හානි වෙන්නේ නෑ. කරන්නත් බෑ. හේතුව, Gnu/Linux ඇතුලට ඔය virus වලට රිංගලා සෙල්ලම් දාන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නේ! බය වෙන්න එපා හොඳේ!

බැරිවෙලාවත් කවුරු හරි Linux වලට virus එකක් ලිවුවොත්?

බය වෙන්න එපා! ඔය වයිරස් ලියන එක්කෙනා ඉස්සෙල්ලාම ලිනක්ස් එකේ තියෙන මොකක් හරි දුර්වල කමක් හොයා ගන්න ඕනෙ. (කළුනික හොයන එක මේකට වැඩිය ලේසියි) ඊට පස්සේ ඒකට වයිරස් එකක් ලියන්නත් ඕනේ. ඒ වැඩේ කියන තරම් ලේසි නෑ. Virus එකක් හැදුවයි කියමුකො, ඒත් ඒ පුද්ගලයා වයිරස් එක යවනකොට Linux එකේ තියෙන ඒ දුර්වලකම ඉවත් කරලත් ගොඩක් කල් ගතවෙලා! සමහරවිට මාස ගාණක් නැත්නම් අවුරුද්දක් විතර! ඉතිං ඒ වයිරස් එකෙන් කිසිම පලක් වෙන්නේ නෑ. අමතක කරන්න එපා, ලිනක්ස් නොමිලේ ලැබෙනවා වගේම නොමිලේ update කරගන්නත් පුළුවන්!

ඉතිං තව මොනවද බලන් ඉන්නේ? හොඳට හිතලා බලන්න! ඊට පස්සේ තීරණයකට එන්න.

Friday, July 3, 2009

Fedora 11 request form is now open!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

Wednesday, June 10, 2009

Fedora 11 ඕනද?

ඕන කෙනෙක් ඉන්නවනම් ලංකානෙට් එකට ලියන්න. Fedora වෙබ් අඩවියෙන් ඉල්ලනවානම් වඩාත් සුදුසුයි. දන්නවනේ මේක නොමිලේ දෙන්නේ. එහෙම කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන අය ඉල්ලන්න එපා. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම නැති අය විතරක් ඉල්ලන්න.

මේකත් එක්ක ලස්සන ස්ටිකර් එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. අතින් වියදම් කරලා පුළුවන් විධියටයි දෙන්නේ. මේක තියෙන කෙනෙක් ඉන්නවනම් හැකි ආකාරයෙන් තවත් අයට පිටපත් ලබා දීමට කාරුණික වන්න. තාම මමත් මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තා විතරයි.

මේ පණිවිඩය අන් අයටත් දැනුම් දෙන්න...